උතුරේ සිට පැමිණි පුද්ගලයන්ට පොලිසියේ ලියාපදිංචි වෙන්නැයි ඉල්ලීමක්

September 17, 2008 at 12:09 pm · පුවත්

සංගණනයක් සිදු කිරීම සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක වල සිට පැමිණ දැනට බස්නාහිර පළාතේ සිටින සියලුම පුද්ගලයන්ට සැප්තැම්බර් 21 වන දිනට ප්‍රථමයෙන් පොලිසියේ ලියාපදිංචි වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රංජිත් ගුණසේකර මහතා ඉල්ලීමක් කරයි.

උතුරු පළාතේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, යාපනය යන දිස්ත්‍රික්ක වල සිට බස්නාහිර පළාතේ කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශ වලට පැමිණ එහි ජීවත් ව සිටින සියලුම පුද්ගලයන්ගෙන් මෙම ඉල්ලීම සිදු කෙරේ.

එමෙන්ම මේ සඳහා පැමිණෙන විට පවුලේ සියලුම සාමාජිකයන් ද රැගෙන එන්නැයි ගුණසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>