ගෑස් මිල ඉහළට
April 30, 2009 at 5:01 pm · පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ෂෙල් ගෑස් මිල රුපියල් 191කින් ද, ලාෆ් ගෑස් මිල රුපියල් 238 කින් ද වැඩි වන බවත් මෙම වැඩි වීම ලෝක වෙළඳ පොළේ මිල ඉහළ යාම නිසා ඇති වූ තත්ත්වයක් බවත් වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නව මිල සංශෝධන අනුව රුපියල් 1309ක්ව පැවති කිලෝ 12.5ක ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රු. 1500 දක්වා ද, රුපියල් 1069ක්ව පැවති ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු. 1307 දක්වා ද වැඩි වීමට නියමිතය.
