ත්‍රස්තවාදී මිලේච්ඡ ඝාතක කොටි නායක ප්‍රභාකරන් හමුදා වෙඩි කා නසියි පොට්ටු අම්මාන් ද ඒ අතර

May 18, 2009 at 1:12 pm · පුවත්

වසර 30 ක් පුරා කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුසපත් කළ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රහාකරන් අද (18) උදෑසන ගිලන් රථයකින් පැන යාමට තැත් දරද්දී විරෝධාර රණවිරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මරු මුවට පත් වූ බව හමුදා නිලධාරීවරයෙකු ප්‍රකාශ කරයි.
මොහු සමඟ කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ද හමුදාවේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බවත් මේ පිළිබඳ නිල නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියි.
වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකා මාතෘ භූමිය ලෙයින් තෙත් කළ මිලේච්ඡයකුගේ අවසානය මෙසේ සනිටුහන් විය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>