මුලතිවි නගරය හමුදාව මුදා ගනියි- හමුදාපති
January 25, 2009 at 6:50 pm · පුවත්
ශ්‍රි ලංකා යුධ හමුදාව කොටි ත්‍රස්තවාදින්ගේ අවසන් බලකොටුව වන මුලතිවි නගරයේ බලය සමිපුර්ණයෙන්ම අත්පත් කර ගත් බව හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රූපවාහිණියේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.
යුධ හමුදාවෙ 59 වන සේනාංකයට අනුයුක්ත 593 වන බළකාය විසින් මුලතිවි නගරය මුදා ගැනිමට සමත් වු අතර, මෙම ප්‍රදේශය යුධ හමුදාවට අහිමි වුයේ 1996 වර්ෂයේ ජුලී 18 වැනිදාය. ඉන් වසර දොලහකට පසුව නැවත එම ප්‍රදේශය රජයේ පාලන ප්‍රදේයට ඈදා ගැනිමට හමුදාව සමත් විය.

ත්‍රස්තවාදය නැමැති අදුරු අභියෝගය ජය ගනිමින් ලොව සිටින හොදම හමුදාව ශ්‍රි ලංකා යුධ හමුදාව බවට නැවත වරක් පසක් කර දුන් හමුදාපති තුමන් ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය!!!!!!!