රාගම පිහිටි නීතීඥ කාර්යාලයකට ගිනි තැබේ
January 31, 2009 at 11:22 am · පුවත්
පොලිස් නිලධාරියෙකුට එරෙහිව අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුත්තක් සඳහා පෙනී සිටින නීතීඥවරයෙකුගේ රාගම පිහිටි කාර්යාලය කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි.
එම නීතීඥවරයා සඳහා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම පොලිසියෙන් ඉල්ලා සිටියි.
