ක්‍රීඩා පූවත් Archive

ශ්‍රී ලංකාව 642/4

කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු පිළට එරෙහිව කඩුළු 4 කට ලකුණු 642ක් රැස් කර ගැනීමට සමත් විය.
මහේල -174, සංගක්කාර -219, පරණවිතාන -100

සංගක්කාර සිය සත්වන ද්විත්ව ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සංගක්කාර සිට ටෙස්ට් දිවියේ 7වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.
දෙවන ටෙස්ට් තරඟයේ 2වන දිනය වන අද (27) දින මේවන විට ශ්‍රී ලංකා පිළ 520/3. සංගක්කාර -219

ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමි වී ඇති අතර ශ්‍රී ලංකා පිළ පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

දිල්හාර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් හා අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත්ය.

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි අවසන් තරඟය සඳහා නාවික හමුදාව සුදුසුකම් ලබයි

17-12ක් ලෙස  සී.ආර්. කණ්ඩායම පරදවා ක්ලිෆර්ඩ් කුසලාන රග්බි අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධ අවසන් තරඟයේ දී 27-13ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පැරදවීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

මහේල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් උපනායකයා ලෙස පත් කෙරෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙස මහේල ජයවර්ධන පත් කර ඇත.

ආබාධයක් හේතුවෙන් ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ ඇති අතර දිල්හාර ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

මුරලි කඩුළු 800 ඉලක්කය ජයගනී

ඉන්දියාවට එරෙහිව ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් තරඟයේ දී ටෙස්ට් කඩුළු 800 ඉලක්කය ජය ගැනීමට මුත්තයියා මුරලිදරන් සමත් විය.

ශ්‍රී ලංකාව 520/8, ඉන්දියාව 276 හා 338/10 යි.

මුරලිට සිය සතුට පළ කිරීමට ජනපති ගාල්ල ක්‍රිකට් පිටියට පැමිණෙයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුත්තයියා මුරලිදරන්ට සිය සතුට පළ කිරීම සඳහා ගාල්ල ක්‍රිකට්  පිටියට පැමිණෙයි. ඉන්දියාව මේ වන විට කඩුළ් 8කට ලකුණු 290 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටියි.

ආජන්ටිනාව පරදා ජර්මනිය අවසන් පූර්ව වටයට

ආජන්ටිනාවට එරෙහිව ගෝල 4-0ක් ලෙස ඉතා ඉහළ ජයක් වාර්තා කළ ජර්මන් පාපන්දු කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

දඹුල්ලේ දී ලකුණු 300 පසු කළ පළමු කණ්ඩායම ශ්‍රී ලංකාවයි

මේ දින වල රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව කඩුළු 4 කට ලකුණු 312ක් හිමි කර ගත් ශ්‍රී ලංකා පිළ දඹුල්ලේ දී ලකුණු 300 පසු කළ පළමු කණ්ඩායම බවට පත් විය. දිල්ශාන් 51, තරංග 54

වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් ආසියානු කුසලානයට කැඳවයි

ජුනි 15 වන දින දඹුල්ලේ දී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් නැවත කැඳවනු ලැබ ඇති අතර සනත් හා අජන්ත මෙම තරඟය සඳහා ඇතුළත් නොවේ.

පන්දුවාර 10 ක්‍රිකට් තරඟ දෙකක් අද එස්.එස්.සී පිටියේ දී

යුද්ධයෙන් අනාථ වූ දරුවන්ගේ අනාගතයට ආධාර පිණිස පවත්නා පන්දුවාර 10 යේ ක්‍රිකට් තරඟ 2ක් සංගක්කාර, රිතික් රෝෂන් හා සුනිල් ශෙට්ටිගේ නායකත්වය සහිතව අද (04) එස්.එස්.සී. පිටියේ දී දහවල් 1ට ආරම්භ වෙයි.

එංගලන්තය 20-20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුළු 7ක ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම 20-20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව 128/6, එංගලන්තය 132/3

20-20 ලෝක කුසලාන තරඟාවලියක පළමු ශතකය මහේලගෙන්

අද (03) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරඟවදින ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශතකයක් හිමි ගත් පළමු පුද්ගලයා බවට පත් විය.

ජයවර්ධනගේ ලකුණු 110 කිංග්ස් පංජාප් කණ්ඩායම කඩුළු 8ක ජයග්‍රහණය කරා ගෙන යයි

අයි.පී.එල්. 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයේ දී කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව මහේල ජයවර්ධන නොදැවී ලබා ගත් ලකුණු 110,  කිංග්ස් පංජාප් කණ්ඩායම කඩුළු 8ක ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් විය.

2011 අයී.සී.සී ලෝක කුසලාන අවසන් තරඟය මුම්බායිහි දී

2011පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ඉන්දියාවේ මුම්බායිහි දී පැවැත්වීමට නියමීත අතර අර්ධ අවසන් හා අවසන් පූර්ව තරඟයක් ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අයි.සී.සී 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

අප්‍රේල් 30 වන දා බටහිර කොදෙව්හි දී ඇරඹෙන අයි.සී.සී. 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරනු ලැබ ඇති අතර සනත් ජයසූරිය හා නවක ක්‍රීකඩ දිනේශ් චන්දිමාල් එයට ඇතුළත්ව සිටින බව වාර්තා වෙයි.

දකුණු ආසියානු තරගාවලිය අවසානයේදි ශ්‍රි ලංකාව සිවි වන තැනට

බංග්ලාදේශයේ ඩකා හි පැවැති 11වන දකුණු ආසියානු තරගාවලිය අද අවසන් වු අතර, එහිදි ශ්‍රි ලංකාව රන් පදක්කමි 16ක්, රිදි පදක්කමි 34 ක් හා ලෝකඩ පදක්කමි 54ක් ඇතුළුව සමස්ත තරගාවලිය පුරා පදක්කමි 104ක් දිනා ගනිමින් සිවි වන ස්ථානයට පත් විය.