හම්බන්තොටදි පැවැත්වෙන දකුණු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේ පස්වන දිනය නිමාවන විට පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුන ගැනිමට ඉන්දියාව සමත්විය.ඉන්දියාව රන් පදක්කම් 8,රිදී පදක්කම් 8, සහ ලෝකඩ පදක්කම් 5 ලබා තිබුනි.දෙවන ස්ථානයට පත්ව සිටින ශ්‍රි ලංකාව රන් පදක්කම් 6,රිදි පදක්කම් 8 හා ලෝකඩ පදක්කම් 6 දිනාගෙන සිටි.තුන්වන ස්ථානයේ පසු වන්නේ පකිස්ථානයයි.ඔවුන් රන් පදක්කම් 4,රිදි 1හා ලෝකඩ පදක්කම් 8 හිමිකර ගෙන සිටියි.බංගලිදේශය රන් ,රිදි ,ලෝකඩ පදක්කම බැගින් දිනාගෙන ඇත.නේපාලයට රන් 1.රිදි 2 හා ලෝකඩ 5 හිමිව ඇත.මාලදිවයින දිනා ගෙන ඇත්තේ රිදි හා ලෝකඩ පදක්කම් 2 බැගින් දිනා ගෙන තිබේ.දකුණු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේදි ඇෆ්ගනිස්ථානයට හා භූතානයට මෙතෙක් කිසිදු පදක්කමක් හිමිවි නොමැත-JNW
සමස්ථ ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ සමස්ථ ශුරතාව දිනාගැනිමට බස්නාහිර පළාත සමත් විය.මළල ක්‍රිඩා බාලක ශුරතාව මිගමුව මාරිස්ටලා විද්‍යාලයට සහා බාලිකා ශුරතාව රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට හිමිවිය.ක්‍රිඩා උළෙලේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි ශුරතාව දිනාගත්තේ හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ මිලාන් දිසානායක ක්‍රිඩකයාය.දක්ෂතම ක්‍රිඩකයාවුයේ ගේට්වේ ජාත්‍යාන්තර පාසලේ නදිෂානි හෙන්ඩසන් ක්‍රිඩිකාවයි-JNW
චැම්පියන් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ට්‍රිනිඩැඩ් හා ටැබගෝ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයේන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තියුණු ජයයක් වාර්තා කරයි.ප්‍රථමයේන් පන්දුවට පහර දුන් ට්‍රිනිඩැඩ් හා ටැබගෝ කණ්ඩායම නියමිත පන්දුවාර 20දි සියලු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 98 පමනි.හර්බජාන් සිංහ් ලකුණු 22 ට කඩුලු 3 හා ලසිත් මාලිංග ලකුණු 22 ට කඩුලු 2 ලබාගත්හ.පිලිතුරු ඉනිම ක්‍රිඩා කල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 98 ඉලක්කයට යැම වැලැක්විමට ට්‍රිනිඩැඩ් හා ටැබගෝ කණ්ඩායම ගත ප්‍රබල උත්සාහය හමුවේ අවසන් පන්දුවේදි සිය ජයග්‍රහනය වර්තාකිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.කණ්ඩායම කඩුලු 9ට ලකුණු 99යි-JNW
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ජාතික ප්‍රධාන පුහුනුකරු ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ජේෆ් මාර්ෂ් පත්කල බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි-JNW
ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 3 ටෙස්ට් තරගයේ සිවුවන දිනය නිමාවට පත්වෙන විට දෙවන ඉනිම ක්‍රිඩාකරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 3 දැවි ලකුණු 209 ලබා සිටි.එම කණ්ඩායම සිය පලමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 316 රැස් කලහ.ශ්‍රි ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 473 කි.මෙහිදි විශිෂ්ඨ ඉනිමක ක්‍රිඩා කල ඇන්ජලෝ මැතිවු නොදැවි ලකුණු 105 රැස්කර ගත්තේය.හෙට තරගයේ 5 වන හා අවසන් දිනයයි.
මේ අතර චැම්පියන් ලීග් පන්දු වාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ජය ගැනිමට් ට්‍රිනිඩැඩ් හා ටොබැගෝ කණ්ඩායම සමත් වෙයි.පන්දු වාර 18 පන්දු 5 කදි ලකුණු 144 ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.පලමුවෙන් පන්දුවට පහර දුන් රුහුනු කණ්ඩායමට ලබාගත හැකි වුයේ පන්දුවාර 20 තුලදි 138 පමනි-JNW
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටියි. දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 428 ක් ලබා සිටියි. ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිම ලකුණු 316 යි. ඇන්ජලෝ මැතිවු නොදැවී ලකුණු 85ක් ලබා සිටියි. හිටපු නායක කුමාර සංගක්කාරගේ 100 වන ටෙස්ට් තරගය මෙය වෙයි. ලකුණු 10,000 ක සහ ටෙස්ට් ශතක 30ක් ලබා ගැනීම තම ඉලක්කය බව ද ඔහු කියයි. හෙට තරගයේ සිව්වන දිනයයි. ඕස්ට්‍රේලියාව 1 ට 0 ලෙස ඉදිරියෙන් සිටියි. – JNW
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකාව ට ලබාගත හැකි වුයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුනු 174 පමනි.ඔස්ට්‍රේලියාව කඩුලු 7 කට ලකුනු 411 රැස්කලෙය.වර්ෂාව නිසා තරගය නතර කරන විට ශි ලංකාව කඩුලු 6 දැවි ලකුනු 317 කඩුලු 6 කට ලබා ගෙන සිටියේය-(JNW)
ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති පලමු ටෙස්ට් තරගය ලකුණු 125 ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වෙයි.ලකුණු 375 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකාවට ලබාගත හැකිවුයේ සියලු දෙනා දැවි ලකුණු 253 පමනි.මහේල ජයවර්ධන ළකුණු105 සහ මැතිවු ලකුණු 95 ලබා ගත්හ.ඔස්ට්‍රේලියාව පලමු ඉනිම ලකුණු 273 සහ දෙවන ඉනිමලකුණු 210යි.ශ්‍රි ලංකා පලමු ඉනිම ලකුණු 105කට සිමාවිය-(JNW)
ශ්‍රි ලංකාව හ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ දෙවන දින වර්ෂාව නිසා තරගය නවත්වන විට දෙවන ඉනිම ක්‍රිඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6 දැවි ලකුණු 115 ලබා ගනි.එ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 283 ඉදිරියෙන් සිටි.එම කණ්ඩායම පලමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 273 ලබා ගත්තේය.පලමු ඉනිමට ශ්‍රි ලංකාවට ලබා ගත හැකි වුයේ ලකුනු 105 පමනි.හෙට තරගයේ තෙවන දිනයයි-(JNW)
ජේෂ්ඨ ලෝක ශුරතා බැට්මින්ටන් තරගාවලියේදි ශ්‍රි ලංකාවට රන් පදක්කමක් හිමිවෙයි.කැනඩාවේ රිච්මන්ඩ් ඔවල්හි පැවැත්වේන එම තරගාවලියේදි ශ්‍රි ලංකාව නියෝජනය කල රේනු චන්ද්‍රිකා ද සිල්වා තරග වට 2-0 ලෙස චාමිනි රිඩ් ක්‍රිඩිකාව පරාජය කරමින් මෙම රන් පදක්කම දිනා ගැනිමට සමත් වුවාය.21-16 හා21-16 ලෙස රේනු අවසන් තරගය ජයගත්තාය.අර්ධ අවසන් වටයේදි තරග වට 3-2 ලෙස සිනිතා කා පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තාය.රටවල් 42 නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 641 ඊට සහභාගි වි සිටිති-(JNW)
පස්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4 කින් ජය ගැනිමට ශ්‍රි ලංකාව සමත් වෙයි.ඔස්ට්‍රේලියා ලබා ගත් ලකුණු 211 ඉලක්කය හඹාගිය ශ්‍රි ලංකාව කඩුලු 6 දැවි ලකුණු 213 ලබා ගනිමින් තරගයේ ජය වර්තා කලේය.එ අනුව තරග 5 කින් යුත් එක්දින තරගාවලිය 3-2 ලෙස නිමා කිරිමට ශ්‍රි ලංකාව සමත් විය.මහේල ජයවර්ධන ලකුනු 71 සහ චාමර සිල්වා ලකුණු 63 ලබා ගත්හ.ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මලිංග ලකුණු 35 ට කඩුලු 3 හා අජන්ත මෙන්ඩිස් ලකුණු 49 කඩුලු 3 බිදහෙලුහ.ලංකා ක්‍රිකට් ඉතිහාස්යේ පලමුවරට වර්තාවක් ද පිහිටුවමින් මලිංග කඩුලු ත්‍රිත්වයක් ලබාගැනිමද මෙම තරගයේ විශේෂත්වයක් විය.ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වෝට්සන් ලකුණු 56 රැස් කලේය.ශ්‍රි ලංකාව හ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය ලබන 31 අරම්භ විමට නියම්තයි-(JNW)
ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 5වන සහ අවසන් එක්දින තරගයේදි ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනිමට සමත්වෙයි.අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග වලදි ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තෙවන අවස්ථාව මෙය වෙයි.මාලිංග මෙම තරගයේදි ලකුණු 35 කට කඩුලු 3 ලබාගැනිමට සමත් විය -(JNW)
ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලිය 3-1 ලෙස ජයගැනිමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි.අර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ අද පැවැති සිවුවන තරගය කඩුලු 5කින් ඔස්ට්‍රේලියාව ජයගත්තේය.කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කන්ඩායමේ නායක ටි,එම්.දිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තිරණය කලේය.ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවිම හමුවේ පන්දුවාර 38 පන්දු 4 දි සියලු දෙනාම දැවි ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුනු 132 පමනි.ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 28කදි කඩුලු 5 පමනක් දැවි සිය ජයග්‍රාහනය තහවුරු කිරිමට සමත් විය.එ අනුව ශ්‍රිලංකාව-ඔස්ට්‍රේලියව අතර තරග 5 කින් යුත් එක්දින තරගාවලිය ඔස්ට්‍රේලියාව ජයගෙන තිබේ.ලසිත් මාලින්ග ලකුණු 31 කඩුලු 2 හා සෙක්කුගේ ප්‍රසන්න ලකුනු 25 කට කඩුලු 3 ක් බිදහෙලිය-(JNW)
ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිවුවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තිරණය කරයි.අර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයට සෙක්කුගෙ ප්‍රසන්න ශ්‍රි ලංකා කණ්ඩායමට කැදවා තිබේ. ඔස්ට්‍රේලියා කණ්ඩායමට ෂෝන් මාෂ් කැදවා ඇත.ඔස්ට්‍රේලියාව 2-1 ලෙස තරගාවලියේ ඉදිරියේන් සිටි-(JNW)
කොරියාවේ ඩෙයින්ගු නගරයේ ලබන 27 ආරම්භ වන ලෝක මලලක්‍රිඩා ශුරතාව සදහා මිටර 1500,මිටර 400 කඩුලු පැනිම යන ඉසවු වලට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩකයෝ සහභාගි වෙති.මිටර 1500 ඉසවුව සදහා චමින්ද විරකෝන් සහ මිටර 400 කඩුලු පැනිමේ යන ඉසවුවට සොනාලි මෙරිල් ක්‍රිඩිකාවද සහභාගිවිමට නිය මිතයි.ඊට සමගාමිව ලබන 23 සිට 25 දක්වා එම නගරයේ පැවැත්වේන ලෝක මලලක්‍රිඩා කොන්ග්‍රස් සමුලුවට මලලක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පලිත ප්‍රනාන්දු,උප සභාපති ප්‍රේමා පින්නවල හා ලේකම් ගි.එල්.එස්.පෙරේරා යන මහාත්වරු සහාභාගි වෙති- (JNW)
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක් දින තරගාවලියේ හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද පැවති තෙවන එක් දින තරගය ලකුණු 78 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වෙයි..කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දිමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධානා කළේය.එ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව නියමිත පන්දුවාර 50 තුලදි කඩුලු 9 දැවි ලකුණු 286 රැස් කළේය.ලකුණු 287 ක ඉලක්කයක් හබාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 44 පන්දු 2 කදී සියලු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග ලකුණු 111 ක් රැස් කළේය. සංගක්කාර ලකුණු 52 යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලින්ග ලකුණු 28 ට කඩුළු 5 ක් බිද හෙලීය.ඔස්ට්‍රේලියව වෙනුවෙන් මයිකල් හුසේයි ලකුනු 63 සහ මයිකල් ක්ලාක් ලකුනු 43 ලබාගත්හ.මේ අනුව ඔස්ට්‍රේලියාව 2-1 ලෙස තවමත් තරගාවලියේ ඉදිරියෙන් සිටි -(JNW)
සුරියවැව අන්තර් ජාතික ක්‍රිඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන එක් දින ක්‍රිකට් තරගයේන් කඩුලු 8 ජයග්‍රාහනයක් ලැබිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වෙයි.කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 208 සියලු දෙනා දැවිගියහ.පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 211 ලබා ගනිමින් සිය ජයග්‍රාහනය තහවුරු කලේය.රිකි පොන්ටින් ලකුණු 90,ලසිත් මාලින්ග ලකුණු 45 කඩුලු 1 ලබා ගත්හ.මේ අනුව තරගවලියේ2-0 ලෙස ඔස්ට්‍රේලියා ඉදිරියෙන් සිටි (JNW)