ක්‍රීඩා පූවත් Archive

දිස්ත්‍රික් ක්‍රිඩා කමිටු යළි පිහිටුවිමට රජයේ අවධානය යොමු වෙයි

දිස්ත්‍රික් ක්‍රිඩා කමිටු යළි පිහිටුවිමට රජයේ අවධානය යොමු වෙයි.දිස්ත්‍රික් ක්‍රිඩා කටයුතු සංවර්ධන‍ය කිරිම මෙහි අරමුණයි.දිස්ත්‍රික් ක්‍රිඩා කටයුතු සංවර්ධන‍ය කිරිම,පලනය කිරිම සහා එම කටයුතු පිළිබදව ක්‍රිඩා ඇමතිවරයාට උපදෙස් ලබාදිමේ වගකිම ද මෙම කමිටුවලට පැවරේ.සභාපති,ලේකම් සහා භාණ්ඩාගාරික ඇතුලු මෙහි සාමාජික සංඛ්‍යව 13 කි.පලාත් ක්‍රිඩා ඇමති සහා දිස්ත්‍රික්කයේ මහාජන මංත්‍රිවරයෙක් සම සභාපතිත්වය දරණ අතර දිසාපතිවරයා නිළ බලයෙන් කමිටුවේ ලේකම්වරයා වෙයි.භාණ්ඩාගාරික තනතුර නියෝජ්‍ය පොලිස්පති දරන අතර පළාත් පාලන,සෞඛ්‍ය,අධ්‍යපන,මහාමාර්ග අධ්‍යක්ෂ යන නිළධාරින් සහා දිස්ත්‍රික් ක්‍රිඩා නිළධාරියා ඇතුලු රාජ්‍ය නිළධාරින් කණ්ඩායමක් එම කමිටුවේ නිළධාරිහු වෙති (JNW)

ශ්‍රි ලංකාව 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනිමට සමත් වෙයි.

ශ්‍රි ලංකාව ඔස්ට්‍රේලියාව සමග පැවති 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජයහිමි කරගැනිමට සමත් වෙයි.අද පල්ලේකැලේ පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදවා ලකුණු 8 තියුණු ජයක් ලැබිමට ශ්‍රි ලංකාව සමත් විය.කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකාව නියමිත පන්දු වාර 20 තුලදි කඩුලු 9 දැවි ලකුණු 157 ක් රැස්කිරිමට සමත් විය.අනර්ඝ පිති හරභයක නිරත වු මහේල ජයවර්ධන ලකුණු 86 රැස් කලේය.පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කර ගත හැකි වුයේ කඩුලු 9 කට ලකුණු 149 පමණි.විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වු අජන්ත මෙන්ඩිස් ලකුණු 16 කඩුලු 6 බිද හෙලිය.එය  20 යි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ නව තරග වාර්තාවක් ද වෙයි.තරගයේ වීරයා ලෙස අජන්ත මෙන්ඩිස් සම්මාන ලැබිය (JNW)

ශ්‍රි ලංකාව කඩුලු 9ක් දැවි ලකුණු 157

ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රෙලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන දෙවන පන්දුවාර 20 යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුලදි කඩුලු 9ක් දැවි ලකුණු 157 ලබා ගනි.මහේල ජයවර්ධන ලකුණු 86,සංගක්කාර 24 ලබා ගනි.බ්‍රේඩ් ලී සහා හස්ටින්ග්ස්කඩුලු  3 බැගින් බිද හෙලීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සදහා නව සාමාජිකයන්

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට් කමිටුව සදහා මිචෙල් තිසේරා, සිදත් වෙත්තමුණි, අමල් සිල්වා සහ කපිල විජේගුණවර්ධන පත්කර ඇත. – JNW

ශ්‍රි ලංකාව සහා ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහාභාගිවෙන ශ්‍රි ලංකා සංචිතය නම් කරයි

ශ්‍රි ලංකාව සහා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහාභාගිවෙන ශ්‍රි ලංකා සංචිතය නම් කරයි.ටි.එම්.ඩිල්ෂාන් ශ්‍රි ලංකාව කණ්ඩායමේ නායකයා ලෙස නම් කරයි.ඇන්ජලෝ මැතිව් උප නායකයා ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබේ.තුවාල ලබා සිටින බැව්න් ලසිත් මාලිංග එම කන්ඩායමට නම් කර නොමැත.ටෙස්ට් තරග 3,එක්දින තරග 5 සහ විස්සයි විස්ස තරග 2 සහාභාගි විම සදහා ඔස්ට්‍රේලියා කණ්ඩායම දිවයිනට පැමින සිටි (JNW)

සංචාරක ඉන්දිය කණ්ඩායම ප්‍රථම ඉනිමට කිසිවෙකු නොදැවි ලකුනු 17 සිටි.

ඉන්දිය හ එංගලන්ත කණ්ඩායම් අතර ලොඩ්ස් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි(23).දෙවන දිනය නිමාවන විට ප්‍රථමයේන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුනු 17 සිටි. එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 474..රැස් කළේය.කෙවින් පිටසන් ලකුණු 202 ලබා ගැනිමට සමත් විය.

දෝනි භාවිතා කළ පිත්ත රුපියල් ලක්ෂ 72 කට අලෙවිවේ

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක එම්. එස් . දෝනි ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් තරගයේදී භාවිතා කළ පිත්ත එරට වෙන්දේසියකදී ඉන්දීය රුපියල් ලක්ෂ 72 කට අලෙවි වී තිබේ. දෝනිගේ බිරිදගේ සුබසාධන ව්‍යාපෘතියකට මුදල් යෙදවීම සඳහා දෝනි මෙම පිත්ත වෙන්දේසි කර ඇතැයි වාර්ථාවේ. – JNW

ඔස්ට්‍රේලියා තරගාවලියේ ශ්‍රි ලංකා පුහුණුකරු ලෙස රොමේෂ් රත්නායක පත් කෙරේ

එලඹෙන අගෝස්තු මාසයේ ඇරඹෙන ඔස්ට්‍රේලියා ශ්‍රි ලංකා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රිඩක රොමේෂ් රත්නායක මහතා පත් කර ඇතැයි ශ්‍රි ලංක ක්‍රිකට් ආයතනය පවසයි. – JNW

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති එක් දින තරගයෙන් ලකුණු 182 කින් ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති එක් දින තරගයෙන් ලකුණු 182 කින් ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකාව සමත්වෙයි. ශ්‍රී ලංකාව සියපන්දුවාර 50 තුලදී කඩුලු 7 කට ලකුණු 284 ක් ලබා ගත්තේය. ස්කොට්ලන්තයට ලබාගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 102ක් පමණි. ලසිත් මාලිංග ලකුණු 30ට කඩුලු 5 යි. ප්‍රසාද් ලකුණු 18 ට කඩුලු3යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ජයවර්ධන ලකුණු 64 ක්  සහ දිමුත් ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වූහ. – JNW

ශ්‍රි ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමේ

ශ්‍රි ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමේ. එය මේ වසරේ නොපැවැත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කළේය. එම තරගාවලිය මේ මස 19 වෙනිදා ආරම්භ වීමට නියමිත්වව තිබිනි. එය ලබන වසරේ පැවත්වීමට  සැලසුම් කර ඇත. -JNW

චමින්ද විජේකෝන්ට ලෝකඩ පදක්කමක්

ජපානයේ කෝබේ නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 1500 තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ චමින්ද විජේකෝන් සමත් වෙයි. – JNW

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය 2012 ජනවාරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය 2012 ජනවාරි මාසයේදී පවත්වන බව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අලුත් අතුරු කමිටුව මාස 6ක් සදහා පමණයි. – JNW

ස්ටුවට් බෝර්ඩ්ට 50% ක දඩයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති දෙවන එක් දින ජාත්‍යාන්තර ක්‍රිකට් තරගයේදී නිනිසුරුවකු සමඟ වචන හුවමාරුවක නිරතවූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්ටුවට් බෝර්ඩ්ට එම තරගයේදී ඔහුට හිමි දීමනාවෙන් 50% ක් කපා හැරේ. – JNW

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර දෙවන එක් දින තරගය ලකුණු 69 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර තරග 5 කින් යුත් එක් දින තරගාවලියේ දෙවන තරගය ලකුණු 69 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 309 ක්  රැස් කළේය. අනර්ග පිති හරබයක නිරත් වූ මහේල ජයවර්ධන ලකුණු 144 ක් රැස් කිරීමට සමත විය පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දු වාර 45 පන්දු 5 කදී සියලු දෙනාම දැවී ලකුණු 240 ක් පමණි. කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. සුරංග ලක්මාල් හා සුරාජ් රන්දීවු කඩුලු 3 බැගින් බිද හෙලූහ. – JNW

නව ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කෙරේ

නව ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කෙරේ. ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද එම පත් කිරීම් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එහි සභාපතිවරයා වන්නේ උපාලි ධර්මදාස මහතාය. කාගේත් පිළිගැනීමට පාත්ත්‍ර වූ කීර්තිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ සිදත් වෙත්තමුණි මහතාද කමිටු සාමාජිකයෙක් ලෙස පත්ව සිටියි. ප්‍රකාශ් ෂාෆ්ටර් ලේකම් වරයා වන අතර නිමල් පෙරෙරා සහ කුමාර් වීරසූරිය සෙසු සාමාජිකයෝ වෙති. – JNW

2011 /12 වර්ෂය සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරග කාලසටහන ප්‍රකාෂයට පත් කෙරේ

2011 /12 වර්ෂය සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරග කාලසටහන ප්‍රකාෂයට පත් කෙරේ. ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරය කිරීමට නියමිතයි. ඔක්තෝම්බර් 4 වෙනිදා සිට එංගලන්ත කණ්ඩායමේ එම සංචාරය ආරම්භ වේ.ඉන්දියාව සමග එක්දින තරග 5,ටි20 තරගාවලියකට එංගලන්තය සහාභාගි වේ.ටෙස්ට්,එක්දින,ටි20 තරගාවලියකට පකිස්තනය සමග ද ටෙස්ට් තරග 2 ලංකාව සමග ද පෑවේත්වේ.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ප්‍රථම එක්දින තරගයේ ජය එංගලන්ත පිලට

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ප්‍රථම එක්දින තරගයේ ජය එංගලන්ත පිලට. එංගලන්ත පිල කඩුලු 8 ට ලකුණු 229 යි. සියල්ලන්ම දැවී ශ්‍රි ලංකා පිලට ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර දෙවන එක් දින තරගය ජූලි මස පළවෙනිදා. – JNW