ක්‍රීඩා පූවත් Archive

පළමු එක්දින තරගයට සහභාගී වීම පිළිබදව තවම තීරණයක් ගෙන නැහැ – ටී. එම්. ඩිල්ෂාන්

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර එක්දින තරගාවලියේ අද පැවැත්වෙන ප්‍රථම තරගය සදහා සහභාගීවීම හෝ නොවීම පිළිබදව මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක ටී. එම්. ඩිල්ෂාන් පවසයි. ඉදිරි පැය කිහිපය තුල කිහිපය තුල පුහුණු සැසිවාරයෙන් පසු ඒ පිළිබදව අවසන් තීරණයකට එලඹීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පල කරයි. එංගලන්තයේ ඕවල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතයි. – JNW

ස්ටුවට් ලෝ ශ්‍රි ලංකා පුහුණු කරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි

ස්ටුවට් ලෝ ශ්‍රි ලංකා පුහුණු කරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර් පුහුණු කරු ලෙස කටයුතු කරන ඔහු මෙවර එංගලන්ත සංචාරයෙන් පසුව ඉවත්වන බව වාර්තාවේ. ඔහු බංගලාදේශයේ පුහුණු කරුණු ලෙස කටයුතුබ් කිරීමට නියමිත්යි. – JNW

අගෝස්තු 09 පසු උපුල් තරංග නැවත් ක්‍රිකට් ක්‍රීඩාවේ

උපුල් තරංග තහනම් උත්තේජක භාවිතා කිරීම හිතාමතා කළ දෙයක් නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගනී. අගෝස්තු 09 වෙනිදායින් පසු ඔහුට නැවත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය හැක. - JNW

උපුල් තරංගට මාස තුනක තරග තහනමක්

ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගට මාස තුනක තරග තහනකක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් පනවා තිබේ. තහනම් උත්තේජක භාවිතා කිරීම පිළිබදව සිදු කළ පරීක්ෂණය මගින් ඒ බව සනාත් වී තිබේ. ඒ අනුව මෙම තරග තහනම පනවා ඇත. – JNW

ශ්‍රි ලංකාව හා එංගලන්තයේ Worcestershire කණ්ඩායම් අතර පැවති පුහුණු එක්දින තරගය ලංකාව ජය ගනී

ශ්‍රි ලංකාව හා එංගලන්තයේ Worcestershire කණ්ඩායම්  අතර පැවති පුහුණු එක්දින තරගය ලකුණු 57 කින් ශ්‍රි ලංකාව ජය ගනී. ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 351 ක් ලබා ගත් අතර එංගලන්තයේ Worcestershire කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 294 ක් පමණි. ජේ. මෙන්ඩිස් ලකුණු 99 ක් සහ මැතිවුස් ලකුණු 81 යි. මාලිංග සහ මෙන්ඩිස් කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වූහ. –  JNW

කිලෝමීටර් සියයක දුරක් පැය 11 විනාඩි 31ක් තුළ පා ගමනින් අවසන් කරමින් නව ක්‍රීඩා වාර්තාවක්

කිලෝමීටර් සියයක දුරක් පැය 11 විනාඩි 31ක් තුළ පා ගමනින් අවසන් කරමින් ක්‍රීඩා ඉතිහාසයට නව වාර්තාවක් එක් කිරීමට රඹුක්කන එස්.පී. වික්‍රමසිංහ මහතා සමත් වෙයි. ඊයේ (20) පෙරවරු 6.22ට පා ගමන ආරම්භ කර රඹුක්කන අශෝක ක්‍රීඩාංගනයේ වට 500ක් හෙවත් කිලෝමීටර් 100ක් ගමන් කරමින් මෙම තරග වාර්තාව තැබී ඇත.

මෙවැනි තරගවල දී පැයකට විනාඩි 05 බැගින් විවේක ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩකයෙකුට හිමි වුව ද එම පැය 12කට ආසන්න කාලය තුළ විවේකයක් හෝ නොගෙන මුළු කාලය ම පා ගමනින් ඇවිදීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව සබරගමු පළාත් සභාව පවසයි.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට පැමිණි ක්‍රීඩා අමාත්‍යාංශයේ කෑගල්ල සම්බන්ධීකරණ නිලධාරී හේමන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම නව වාර්තාව ගිනස් වාර්තා පොතට සහ ලෝක ක්‍රීඩා වාර්තා අතරට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි-JNW

ටෙස්ට් තරගාවලිය එංගලන්තය ජයගනී

ටෙස්ට් තරගාවලිය එංගලන්තය ජයගනී. අද පැවති තුන් වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි. ඒ අනුව එංගලන්තය 1/0 ලෙස තරගාවලිය ජය ගත්තේය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමෙයෙන් පන්දු යැවීමට තීරණය කළේය. පළමු ඉනිමට ශ්‍රි ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 184  ක්  පමණි. එංගලන්තය කඩුලු 8 ක්ට ලකුණු 377 ක් ලබා ගත්තේය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාව තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබාගෙන සිටියේය. කුමාර සංගක්කාර ලකුණු119 යි, තිලාන් සමරවීර නොදැවී ලකුණු 87 යි. වර්ෂාව හේතුවෙන් තේ පානයෙන් පසු තරගය ආරම්භ කිරීමට බාධා ඇති විය. – JNW

ප්‍රිමියලිග් තරගාවලියට ඉන්දීය ක්‍රිඩකයින් සහභාගී නොකිරීම පිළිබදව ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි

ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රිමියලිග් තරගාවලියට ඉන්දීය ක්‍රිඩකයින් සහභාගී නොකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡාකරණ බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඉදිරි දින දෙක තුන ඇතුලත ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රි ලංකා  ක්‍රිකට් ආයතනය විශ්වාසය පලකරයි. - JNW

ශ්‍රි ලංකාව පළමු ඉනිම ලකුණු 184 ට සීමාවේ

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර තෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 184 කට සීමාවේ. දිල්හාර ප්‍රනාන්දු ලකුණු 39 ක් ලබා ගත්තේය. පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ට ලකුණු 69 ක් ලබා ගෙන සිටියි. තරගයේ තෙවැනි දිනය වූ අද වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ විය. – JNW

ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 177 ක් ලබා ගනී

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර දැන් පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 177 ක් ලබා ගනී. තරගයේ දෙවන දිනය වන අද ප්‍රමාද් වී තරගය ආරම්භ කෙරිනි. කාසියේ වාසිය දිනූ එංගලන්තන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය. – JNW

ශ්‍රි ලංකාව කඩුලු 3ට ලකුණු 29

ශ්‍රිලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 29 ක ලබා සිටියි. වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාදවී ආරම්භ කෙරිනි. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඩිල්ෂාන් තුවාල ලබා සිටීම හේතුවෙන්  කණ්ඩායමේ නායකයා ලෙස සංගක්කාර කටයුතු කරයි. තිරිමාන්නට ටෙස්ට් වරම් හිමි විය. – JNW

ශ්‍රි ලංකා කබඩි ක්‍රීඩාව නංවාලීමට ආසියානු කබඩි සම්මේඅලනයේ පූර්ණ අනුග්‍රාහකත්වය

ශ්‍රි ලංකාවේ කබඩි ක්‍රීඩාව නංවාලීමට ආසියානු කබඩි සම්මේඅලනයේ පූර්ණ අනුග්‍රාහකත්වය හිමිවේ. ක්‍රීඩකයින්, පුහුණු කරුවන් හා විනිසුසුරුවන් පුහුණු කිරීම සිදුවේ. කබඩි, ගෘහස්ථ හා වෙරළ කබඩි වශයෙන් වන අංශ 3 යටතේ මෙම පුහුණු කිරීම් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඉන්දියාවේ පූනේ හීදී මෙම පුහුණුව සිදු කෙරේ. පළමු කණ්ඩායම ලබන 23 වෙනිදා ඉන්දියාවට යෑමට නියමිතයි. ඊට 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවේ. – JNW

ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව සනත් ජයසූරිය පවසයි

එංගලන්තයේ පැවෙත්වෙන එක් දින සහ ඕවර 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් පසු තමා ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව සනත් ජයසූරිය පවසයි.ජයසුරිය එංගලන්ත සංචාරයට නම් කර තිබිනි. එම තරගාවලියේ නායකත්වය දරන්නේ ටී. එම්. ඩිල්ෂාන්. උප නායකයා ලෙසතිලින කණ්දම්බි නම් කර තිබේ. ඊට අමතරව ජීවන් මෙන්ඩිස් දිමුතු කරුණාරත්න 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා සංචිත්යට නම් කර තිබේ. – JNW

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන්වේ

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන්වේ. එංගලන්තය පළමු ඉනිමට ලකුණු 486 යි, දෙවන ඉනිමට කඩුලු 7 ට ලකුණු 335 යි. ශ්‍රි ලංකාව පළමු ඉනිමට ලකුණු 479 යි. දෙවන ඉනිමට කඩුලු 3 ට ලකුණු 127 යි. තරගයේ වීරයා ටී. එම්. ඩිල්ෂාන්. – JNW

තනම් උත්තෙජක භාවිතය පිළිබදව පාසල් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කෙරේ

තනම් උත්තෙජක භාවිතය පිළිබදව පාසල් මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කෙරේ. තහනම් උත්තේජක පරීක්ෂාව පාසල් මට්ටමෙන් සිදු කිරීමටද ක්‍රීඩා අමත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ සදහා විශේෂ පරීක්ෂණ වෛද්‍ය කණ්ඩායම් යෙදවේ. ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයේ තහනම් උත්තේජක භාවිතා කිරීම පිළිබදව ඇති වී තිබෙන් අවදානම් තත්වය වක්වා ගැනීමට මෙම පියවර ගෙන තිබේ.  . තහනම් උත්තේජක පරීක්ෂාව පාසල් මට්ටමෙන් සිදු කිරීමටද ක්‍රීඩා අමත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ සදහා විශේෂ පරීක්ෂණ වෛද්‍ය කණ්ඩායම් යෙදවේ. ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයේ තහනම් උත්තේජක භාවිතා කිරීම පිළිබදව ඇති වී තිබෙන් අවදානම් තත්වය වක්වා ගැනීමට මෙම පියවර ගෙන තිබේ.  - JNW

ශ්‍රි ලංකාව ඉනිමකින් සහ ලකුණු 14 කින් පලමු ටෙස්ට් තරගය පරාජයට පත්වෙයි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කාඩිස් හී පැවති ප්‍රථම ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 14 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙයි. එම කණ්ඩායම ප්‍රථම ඉනිම සදහා කඩුලු 5 කට ලකුණු 406 ක් රැස් කළේය. ශ්‍රි ලංකාවට ලබාගත හැකි වූයේ පළමු ඉනිමට ලකුණු 400 ක් සහ දෙවන ඉනිමට ලකුණු 82 ක් පමණි. ශ්‍රි ලංකාව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යව වාර්තා වන්නේ  1994 දී පකිස්තානය එරෙහිව ලබාගත්  ලකුණු 71 යි.  – JNW

චෙන්නායි සුපර් කිංග්ස් 2011 IPL ශූරතාව දිනා ගනී

2011 IPL තරගාවලියේ ශූරතවය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වෙයි. එම කණ්ඩායම ලකුණු 58 කින් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත්කරමින් මෙවර ශූරතාව දිනා ගත්තේය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුලු 5 කට ලකුණු 205 ක් ලබා ගත්තේය. මුරලි විජේ ලකුණු 95 යි. මයිකල් හුසේ ලකුණු 63 යි. – JNW