ක්‍රීඩා පූවත් Archive

ක්‍රිකට් තරගයේ තරගයේ තෙවන දිනය ආරම්භ ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට

වර්ෂාව හේතුවෙන් ශ්‍රි ලංකා එංගලන්ත පලමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භ කිරීම ප්‍රමාද වෙයි.මේ අතර තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ කිරීමට නියමිත බව එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි. ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 400 ක් ලබා ගත්තේය. එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා ගෙන සිටි.  - JNW

ශ්‍රි ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 400 යි – ප්‍රසන්න ජයවර්ධන ශතකයක් වාර්තා කරයි

කාඩීෆ් හී පැවැත්වෙ ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම් අතර වූ ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කල ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 400 ක් ලබා ගනී. ප්‍රසන්න ජයවර්ධන ලකුණු 112 යි. සිය ප්‍රතම ඉනිම ක්‍රීඩා කාරන එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට 1 ක් කඩුල්ලක් දැවී ලකුණු 47 ක් ලබා ගෙන සිටි. – JNW

ශ්‍රි ලංකා කණ්ඩායම පළමු දිනය අවසානයේ 2 ක් දැවී ලකුණු 133

ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම් අතර වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා  කණ්ඩායමේ ක්‍රීඩකයන් 2 ක් දැවී ලකුණු 133ක් ලබා ගෙන සිටි.  ඩිල්ෂාන් ලකුණු 50 ක් සහ පරනවිතාන නොදැවී ලකුණු 58 ක් ලබාගෙන ඇත. – JNW

නුවන් ප්‍රදීප්ට ටෙස්ට් වරම්. දිල්හාර වෙනුවට මහරූෆ් කණ්ඩායමට

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරනය කරයි. ඒ අනුව පන්දු වාර 35 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා ගැනීමට ශ්‍රි ලංකාව සමත් වෙයි. ඩිල්ෂාන් ලකුණු 50. පරනවිතාන ලකුණු 35 ක් සහ සංගක්කර  නොදැවී ක්‍රීඩා කරයි. වර්ෂාවෙන් තරගය ආරම්භ කිරීමට බාධා එල්ලවිය. මේ නිසා පැය 5 ක් ප්‍රමාදවී තරගය ආරම්භ කෙරිනි. මෙම තරගයේ ශ්‍රි ලංකා සංචිතයට නුවන් ප්‍රදීප් නම් කිරීමත් සමග ඔහුට ටෙස්ට් වරම් හිමි විය. දිල්හාර ප්‍රනාන්දු වෙනුවට ෆර්වේස් මහරූෆ් ශ්‍රි ලංකා කණ්ඩායමට එක්ව සිටියි. – JNW

පොදු රජ්‍ය මණ්ඩල නිළධාරී කණ්ඩායමක් ලබන ජූලි මාසයේ ශ්‍රි ලංකාවේ නිරීක්ෂණ් චාරිකාවක

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල ශ්‍රි ලංකාවේ පැවැත්වීමට හැකිවෙතැයි දැඩි විස්වාසයක් පවතියි. ඒ පිළිබදව නිරීක්ෂණය කිරීමට එම ආයතනයේ නිළධාරී කණ්ඩායමක් ලබන ජූලි මාසයේ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රි ලංකාව ඉදිරිපත් කල කරුණු දැක්වීම උසස් මට්ටමක පැවති බව සෙසු තරගකරු පවා පිළිගෙන තිබේ. – JNW

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිලධාරීන්ගේ දුරකතන ඇමතුමට හෂාන් පිලිතුරුනොදෙයි – ක්‍රීඩා ඇමති

ශ්‍රි ලංකාවට පැමින සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිලධාරීන් දුන් දුරකතන ඇමතුමට හෂාන් තිලකරත්න පිලිතුරුදී නැතැයි ක්‍රීඩා ඇමති අද (25) පාර්ලිමේන්තුවේදී කියයි. – JNW

නුවන් ප්‍රදීප්ට එංගලන්ත තරගාවලිය අහිමි වන ලකුණු

ශ්‍රි ලංකා වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට ලක්වේ. ඔහුගේ වලලුකර ප්‍රදේශයේ එම ආබාධය හටගෙන තිබේ. මේ නිසා ඔහුට එංගලන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් පවතින බව වාර්තා වෙයි. ඔහු එංගලන්ත ලයන් කණ්ඩායම සමග පැවති දෙවෙනි පුහුණු තරගයේදී ලකුණු 29 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් විය. නුවන් ප්‍රදීප්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට දැනට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවලට එක් වී සිටින ෆ්වේස් මහරූෆ් කණ්ඩායමට කැදවන බව ශ්‍රි ලංකා පුහුණු කරු ස්ටුවට් ලෝර් පවසයි. මෙම තරගාවලියේදී නවක පන්දු යවන්නන්ට විශාල වගකීමක් පැවරෙන බව ක්‍රීඩා විචාරකයෝ පවසයි.  - JNW

ශ්‍රි ලංකා පිල සිවුදින ක්‍රිකට් තරගය ජය ගනී

ශ්‍රි ලංකාව හා එංගලන්තයේ ලයන් කණ්ඩායම අතර පැවති සිවුදින ක්‍රිකට් තරගය ලකුණු 38 කින් ජය ගැනීමට ශ්‍රි ලංකාව සමත් වෙයි. ශ්‍රි ලංකාව පළමු ඉනිම ලකුණු 266 කට සියලු දෙනා දැවී ගිය අතර දෙවන ඉනිමට ලකුණු 448 ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 221 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ලයන් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 183 ක් පමණි. ඒම කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 8 දැවී ලකුණු 493 ක් රැස් කලේය. ටී. එම්. ඩිල්ෂාන් හා ටී. පතිරන ශතක ලබා ගැනීමට සමත් විය. – JNW

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය සදහා එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය සදහා එංගලන්ත කණ්ඩායම නම් කෙරේ. ඇන්ඩෘ ස්ට්‍රාවුස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරයි. ඊ. මෝගන් හා කෙවින් පීටර්සන් කණ්ඩායමට ඇතුලත් වෙයි. ප්‍රථම ටෙස්ට් තරගය මැයි 26 කාටීස් වලදී පැවැත්වේ. – JNW

ශ්‍රී ලංකා කණ්ඩායම ලයන් කණ්ඩායමට වඩා ලකුණු 165 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තයේ ලයන් කණ්ඩායම් අතර වූ සිවු දින ක්‍රිකට් තරගයේ තෙවනදිනය අවසන් වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 392 ක් ලබා ගනී. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 117 ක් ද, ටී. පරණවිතාන ලකුණු 125 ක් ද තිලාන් සමරවීර ලකුණු 54 ක් ද ලබා ගැනීමට සමත් විය. පළමු ඉනිමේදී ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 266 ක් පමණි. මේ අනුවශ්‍රි ලංකා කණ්ඩායම ලයන් කණ්ඩායමට වඩා ලකුණු 165 ක් ඉදිරියෙන් සිටියි. ලයන් කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 493 ක් ලබා ගත්තේය. – JNW

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 266 කට දැවී යයි

ශ්‍රී ලංකාව හා එංගලන්තයේ ලයන් කණ්ඩායම් අතර වූ ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කල ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 266 ක් පමණි. සුරාජ් රන්දිව් නොදැවී ලකුණු 76 ක් සහ තිසර පෙරෙරා ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් විය. එංගලන්තයේ ලයන් කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 8 ට ලකුණු 493 ක් රැස් කලේය. ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම තවත් ලකුණු 277 ක් පිටුපසින් සිටියි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ලයන් කණ්ඩායමට ආරාධනා කලේය. ජේඩ් ඩර්ඩැක් කඩුලු 5ක් බිද හෙලීය. – JN W

එංගලන්තයේ ලයන් කණ්ඩායම පළමු දිනය අවසානයේ 4 ක් දැවී ලකුණු 394

ශ්‍රී ලංකාව හා එංගලන්තයේ ලයන් කණ්ඩායම් අතර වූ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලයන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 4 ක් දැවී ලකුණු 394ක් ලබා ගෙන සිටි. මෝගන් ලකුණු 156ක්ද, පටෙල් ලකුණු 101ක්ද ලබාගෙන ඇත.- JNW

එංගලන්ත ලයන් කණ්ඩායම තේ පානය වන විට කඩුලු 4 කට ලකුණු 191 ක් ලබා සිටි

ශ්‍රී ලංකාව හා එංගලන්තයේ ලයන් කණ්ඩායම සමග අද ආරම්භ වූ සිවු දින ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලයන් කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් ලබා ගෙන සිටි. මෝගන් ලකුණු 40ක්ද, පටෙල් ලකුණු 15ක්ද ලබාගෙන ඇත. කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ලයන් කණ්කායමට ආරාධනා කලේය. කුමාර සංගක්කර සහ මහේල ජයවර්ධනද කණ්ඩායමට එක්ව සිටිති.- JNW

ශ්‍රි ලංකා පිල තුන්දින ක්‍රිකට් තරගය ජය ගනී

ශ්‍රි ලංකාව හා එංගලන්තයේ මිඩ්ලෙx කණ්ඩායම් අතර පැවති තුන් දින ක්‍රිකට් තරගයේ කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රි ලංකා පිල සමත්වෙයි. ශ්‍රි ලංකා පළමු ඉනිමේ ලකුණු 309 ක් හා දෙවන ඉනිමේ ලකුණු 219 ක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය ලැබීය.  මිඩ්ලෙx කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 360 ක් හා දෙවන ඉනිමේ ලකුණු 161 ක් ලබා ගත්තේය. දෙවන ඉනිමේදී ශ්‍රි ලංකා නායක T. M. ඩිල්ෂාන් කඩුලු 4 ක් හා චාමර වෙල්ගෙදර, අජන්ත මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිද හෙලීය. – JNW

මිඩ්ලෙx පිල පළමු දිනය අවසානයේ ලකුණු 325 – කඩුලු 5

ශ්‍රි ලංකාව හා එංගලන්තයේ මිඩ්ලෙx කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රථම තුන්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයනයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්  මිඩ්ලෙx පිල කඩුලු 5 ක් දැවී ලකුණු  325 ලබාගනි. රංගන හේරත් කඩුලු 2 ක් බිද හෙලූ අතර, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස් හා  මහරූෆ් එක් කඩුල්ල බැගින් ලබා ගෙන ඇත.  – JNW

ආසියානු ග්‍රෝන් ෆ්‍රි ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රි ලංකාවෙන් ක්‍රීඩකයෝ 2 ක්

චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ග්‍රෝන් ෆ්‍රි ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රි ලංකාවෙන් ක්‍රීඩකයෝ 2 ක් සහභාගී වෙති. ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය වරයාගේ අණුමැතිය ලැබී තිබේ. මීටර් 400 ඉසවුව නියෝජනය කරමින් ප්‍රසන්න අමරසේකර උස පැනීමේ ඉසවුව සදහා මංජුල කුමාර යන ක්‍රීඩකයෝ සහභාගී වෙති. මැයි 22 සිට  29 දක්වා චීනයේ නගර 3 කදී තරගාවලිය පැවැත්වේ. ප්‍රසන්න අමරසේකර ක්‍රීඩකයා ලබන 20 වෙනිදා චීනය බලා පිටත්ව යන අතර දැනට චීනයේ පුහුණු වීම් වල නිරත මංජුල කුමාර එහි සිට ඊට සහභාගී වනු ඇත.  – JNW

ශ්‍රි ලංකා කණ්ඩායම හෙට එංගලන්තය බලා පිටත්ව යයි – ඩිල්ශාන් අද දිවයිනට පැමිණෙයි

එංගලන්ත සන්චාරයේ ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය දීමට T. M ඩිල්ශාන් IPL තරගා වලියෙන් ඉවත් වී අද දිවයිනට පැමිණෙයි. ශ්‍රි ලංකා කණ්ඩායම හෙට එංගලන්තය බලා පිටත්ව යයි. IPL තරගාවලියේ ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ 5 දෙනෙකු මේ මසයේ 3 වන සතියේදී කණ්ඩායමට එකතුවීමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. – JNW