කොළඹ, එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නසිලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුළු 2කට ලකුණු 157ක් ලබා ගනිමින් නවසිලන්ත කණ්ඩායමට වඩා ලකුණු 339ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 416ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස නවසිලන්ත කණ්ඩායමට හිමි කර ගත හැකි වූයේ ලකුණු 234ක් පමණි.
නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් ටේලර් 82ක් ලබා ගත්තේය. සංගක්කාර නොදැවී ලකුණු 64
අළුබඳුන තරඟයෙන් ඔස්ටේරලියාව පරදා එංගලන්තය ජය වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිළ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. පළමු ස්ථානයේ පසු වන්නේ දකුණු අප්‍රිකාවයි.
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රීලංකාව හා නවසිලන්තය අතර පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රි ලංකා පිළ නවසිලන්තය පරදා ලකුණු 202ක විශිෂ්ඨ ජයක් ලැබීය.
ලොව වේගවත්ම මිනිසා ලෙස දැනට කිරුළු පළඳා සිටින ජැමෙයිකා ක්‍රීඩක උසේන් බෝල්ට් මීටර 200 පිරිමි දුර දිවීමේ ඉසව්ව සඳහා 2008 වසරේ බ්ජිං හිදී තත්ත්පර 19.30ක් ලෙස තැබූ ලෝක වාර්තාව බිඳ හෙළමින් තත්ත්පර 19.19ක නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (20) සමත් විය.
මීටර 100 දුර දිවිමේ තරඟ ඉසව්වේ දී ද ඔහු තම වාර්තාවම බිඳ දැමීමට පසුගිය ඉරිදා (16) සමත් විය.
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ සිවි වන තරඟයේ දී ලකුණු 146ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (07) සමත් වූ අතර ඔවුහූ කඩුළු 5කට ලකුණු 321ක් රැස් කිරීමට සමත් වූහ. අක්මල් නොදැවී ලකුණු 102.
පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළට ලබා ගත හැකි වූයේ පන්දු වාර 36.1ක දී සියල්ලන් දැවී ලකුණු 175ක් පමණි. තරංග ලකුණු 80.
පකිස්ථානය වෙනුවෙන් අන්ජුම් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් විය.
පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද (03) දඹුල්ල කී්‍රඩාංගනයේ දී පැවැති තෙවන එක්දින තරඟයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 288ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 4ක් පමණක් දැවී එම ලකුණු සීමාව පසු කිරීමට සමත් විය.
මහේල ජයවර්ධන 123 හා උපුල් තරංග 76 ක් රැස් කළහ.
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (01) දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ දෙවන එක්දින තරඟයේ දී පකිස්ථානයට එරෙහිව කඩුළු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථාන පිළ කඩුළු 10 ක් දැවී ලකුණු 169ක් රැස් කර ගත් අතර ආමර් 24ක් හා යුනිස් 23කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ කඩුළු 4ක් පමණක් දැවී එම සීමාව පසු කළ අතර කපුගෙදර 67 ක් හා සමරවීර 38 ක් රැස් කිරීමට සමත් විය.
මුත්තයියා මුරලිදරන් 2010 නොවැම්බර් හි දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ද, 2011 ලෝක කුසලානය තෙක් එක් දින තරඟ ක්‍රීඩා කරන බවද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ දී අද (30) ආරම්භ වූ එක්දින තරඟාවලියේ පළමු දිනයේ දී මේ වන විට මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා පිළ පන්දු වාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි.
ජයසූරිය ලකුණු 15කට දැවී ගිය අතර පන්දුවට පහර දෙමින් සිටිය දී ආබාධයකට ගොදුරු වූ ඩිලෂාන් වෙනුවට උපුල් තරංග පන්දුවට පහර දෙමින් සිටියි.
ශ්‍රී ලංකව හා පකිස්ථානය අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ජය පරාජයෙන් තෙරව නිමා විය. ඒ අනුව ටෙස්ට් තරඟාවලියේ ජය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.
කොළඹ සිංහල ක්‍රිකටි ක්‍රිඩා පිටියේදි පැවැත්වෙන ශ්‍රි ලංකාව හා පකිස්ථානය අතර 3වන ටෙස්ටි තරගයේ සිවිවන දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන අවස්ථාවෙිදි පකිස්ථානය තම දෙවන ඉණිම සදහා 425/9ක් ලබා ගනිමින් තම ඉණිම අත්හිටු විය. තරගය ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකා පිලට ලකුණු 491ක් ලබා ගත යුතුය. ෂොයිබි මලික් 134, කමිරාන් අක්මාල් 74.
කොළඹ එස්.එස්.සී පිටියේ දී අවසන් වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනට වන අද දින පළමු ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකා පිළ සියල්ලන් දැවී ලකුණු 233ක් රැස් කර ගත් අතර පකිස්ථානයට වඩා ලකුණු 66ක් පිටුපසින් සිටියි.
මහේල- 79, ඩිල්ෂාන්- 44
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පකිස්ථනය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය අවසන් වන විට පකිස්ථානය කඩුළු 7ක් දැවී ලකුණු 289ක් රැස් කර ගත් අතර පකිස්ථාන වෙනුවෙන් මන්සූර් ලකුණු 93ක් ද යූසුෆ් ලකුණු 90ක් ද රැස් කළ අතර ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පිළිවලින් තුෂාර 3, කුලසේකර 2 හා වාස් 1 බැගින් කඩුළු දවා ගත්හ.
පකිස්ථානය හා පැවැත්වෙන 3 වන ටෙස්ට් තරඟයෙන් පසුව තමන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක වමින්ද වාස් ප්‍රකාශ කරයි.
එමෙන්ම මුරලිදරන් හෙට පකිස්ථානය හා පැවැත්වෙන 3 වන ටෙස්ට් තරඟයට ද සහභාගී නොවනු ඇත.
ලකුණු 171ක ලකුණු ප්‍රමාණයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළ දෙවැනි ටෙස්ට් තරඟය දින තුනෙන් නිම කර පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගනී. පකිස්ථානය 90, 320. ශ්‍රී ලංකාව 240, 171/3.
පි.සාරා ඔිවල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ටි තරගයේ පලමු දිනයේදි පිතිකරණයේ යෙදෙනු පකිස්ථානය තම පලමු ඉණිම සදහා සියළු දෙනා දැවි ගොස් රැස් කරන ලද්දේ ලකුණු 90ක් විය.කුලසේකර කඩුළු 4යි, මෙන්ඩිස් කඩුළු 3 යි.
පලමු ටෙස්ටි තරගයෙන් පකිස්ථානය පරදා ලකුණු 50ක ජයක් ලැබිමට ශ්‍රි ලංකාව සමත් විය. ශ්‍රි ලංකාව 292 හා 217. පකිස්ථානය 342 හා 117 යි. හේරත් කඩුළු 4යි, තුෂාර සහ මෙන්ඩිස් කඩුළු 2 බැගින් දවා ගන්නා ලදි.