කටාර් රාජ්‍ය නායකයා දිවයිනට පැමිණෙයි


උසමීටර් 350 කින් යුත් නෙළුම් කුළුණේ ඉඳි කිරීමේ කටයුතු ජනවාරි 20 දා ආරම්භ කිරීමට නියමිතයි. මෙම කුළුණ ලෝකයේ උසම කුළුණු අතරින් 5 වන ස්ථානය හිමි කර ගනී. -JNW
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන එක් දින තරගය අද ආරම්භවේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන එක් දින තරගය අද ආරම්භවේ. ඩුබායි හී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි. මේ වන විට පකිස්තානය 1/0 ක් ලෙස ඉදිරියෙන් සිටි.- JNW
ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවයි
2011 ඔක්තෝම්බර් 31 වන දින පිලිපීනයේ මැනිලා නුවර Danica May Camacho දැරියගේ උපතත් සමග ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා යයි.
ජනපති සහ ඕස්ටේ‍්‍රලියානු අගමැතිනිය අතර ද්විපාර්ශවික සාකච්ඡා
ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (26) පර්ත් නුවර පෑන් පැසිෆික් (Pan Pacific) හෝටලයේ දී ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජූලියා ගිලාඩ් (Julia Gillard) මැතිනිය හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
මෙම සාකච්ඡාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සහ පුනරුත්ථාපනය පිළිබඳ ව කරුණු පැහැදිලි කළේය. උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ව ද මෙහිදී ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළ අතර, ඉදිරියේ දී ලැබීමට නියමිත එම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය. – JNW
දීපාවලී උළෙලින් පැතිරෙන ආලෝකයෙන් ද එහි රැඳි සාමයේ පණිවුඩය වෙතින් ද සහජීවනය ශක්තිමත් කරන පී‍්‍රතියක් ළඟා කර ගැනීමට ජනතාවට හැකි වේවායි අදට (26) යෙදෙන දීපාවලී උළෙල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. – JNW
අබුඩාබීහීදී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ටේස්ට් තරගාවලියේ ප්‍රථම තරහයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන පකිස්තාන කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 27 ක් ලබා සිටි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණි. ඇන්ජලෝ මැතිවු ලකුණු 52 ක් ලබා ගනීමට සමත් විය.