ශ්‍රී කාව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා දැනටමත් අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.
මේ වන විට වෙනත් සමාගමක් සතු ව පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය 100%කින් ම ශ්‍රී ලංකා රජයට පවරාගෙන ඇත. මේ හේතුව මත සමාගම සතු සියලු ම අලාභ තත්ත්වයන් සමනය කර ලාබ ලබන සමාගමක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 25ක් ඇති අතර, සමාගම සතු ගුවන් යානා ප්‍රමාණය වැඩි කර තම සේවාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු යොදා ඇත.
එමෙන් ම නවතම ගුවන් ගමනාන්තයක් ලෙසින් ඔස්ට්‍රේලියාව බලා ඍජු ගුවන් ගමනාන්තයක් ද දකුණු කොරියා බලා ගමනාන්තයක් ද එමෙන් ම මැදපෙරදිග සඳහා ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ද දැනට සෞදි අරාබිය සඳහා යන ගමන් වාර ගණන ලබන අප්‍රේල් මස සිට වාර පහ දක්වා වැඩිකිරීමට ද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මිහින් ලංකා ගුවන් සේවය ජාතික ගුවන් ගමන් සේවයක් ලෙස ආරම්භ කර ඇති අතර, අද වන විට එය බජට් ගුවන් සේවයක් ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.
මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ දෙවන අදියර ආරම්භ කර ඇති අතර, මෙහි 2016 දී වැඩ නිම කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම දෙවන අදියර සංවර්ධන ක්‍රියාදාමය තුළින් මෙහි මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මිලියන 6කට සරිලන පරිදි නවීනතම පහසුකම්වලින් සමන්විත නව පර්යන්තයක් ඉදි කෙරේ. ඒ සමඟ ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසරකට මඟී මිලියන 12ක් හැසිරවිය හැකි ධාරිතාවකට පත්වනු ඇති බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.
අපේ ගමකින් ගුවන් නියමුවකු බිහි කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ගුවන් සේවා අධිකාරිය මඟින් උසස් පෙළ පවතින පාසල්වල සිසුන් අරඹයා ක්‍රියාත්මක කෙරෙන සිවිල් ගුවන් සේවා සමාජ වැඩසටහන මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙම ක්‍ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගුවන් සේවා නියමුවන් බිහිකිරීම අරමුණු කර ගත් උපාධි පාඨමාලාවන් ද විශ්වවිද්‍යාලවල ආරම්භ කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.
මේ වන විට ගුවන් සේවාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති ඉහළින් ම ක්‍රියාත්මක කෙරෙන රටවල් අතරින් 4වන ස්ථානයට ශ්‍රී ලංකාව පත් ව ඇති බව ද එය ශ්‍රී ලංකා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ලැබූ ඉහළ ම ජයග්‍රහණයක් වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. – JNW
විනෝද උද්‍යානයක් සහිතව මිටර 350ක උසින් යුත් ටිවී සහ විදුලි සංදේශ බහු කාර්ය සම්ප්‍රේෂණ කුළුණේ ඉදිකිරිම් ජනවාරි 20 දා ආරම්භ කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.කුළුණේ ඉදිකිරිම් ජනවාරි 20 දා ආරම්භ කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.එය ඉදිකිරිම සදහා මුල්ගල් තැබිම එදිනට සිදු කෙරේ.දකුණු ආසියාවේ විශාලතම කිළුණ වෙන මෙය ඩි.ආර්.විජේවර්ධන මාවතේ පිහිටුවේ.එය නෙළුම් කුළුණ ලෙස නම් කර තිබේන අතර එහි රුපවාහිණි සේවා සපයන්නන් 50 කට,විදුලි සංදේශ සේවා සපයන්නන් 10 කට සහා ගුවන් විදුලි සේවා සපයන්නන් 50 කට පහසුකම් සැපයිමේ හැකියාව පවති.මාස 30 ඇතුලත එහි ඉදිකිරිම් අවසන් කිරිමට නියමිතයි.

එළවළු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ගොවි හා වෙළෙඳ සංගම් නියෝජිතයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ඊයේ (14) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර එළවළු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගැනීමේ නීතිය තවත් මසක කාලයක් දක්වා කල් දැමීමට ජනාධිපතිතුමා නිර්දේශ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්වරුන් ද ගොවි සංගම් නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටියහ. – JNW
එළවලු හා පලතුරු ප්‍රවාහනයේදි ප්ලස්ටික් කූඩ භාවිතා කිරිම අනිවාර්ය කිරිමට රජය ගෙන ඇති තිරණය සම්බන්ධයේන් අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙළදුන් සමග සාකඡාචාවක් පැවැත්විමට නියමිත බව ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.මේම තිරණයත් සමග රට පුරා ඊට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පැවැත්වේ. කොළඹ මැනින් වේළද පොලේ වේළදුන් දෙවන දිනයට ද අද දිනයේ උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අප වාර්තාකරු පවසයි.මේනිසා කොළඹ කොට්ටුව හා අවට මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොළිසිය පවසයි-JNW
එලවළු හා පළතුරු ප්‍රවාහනයේ ප්ලාස්ටික් කූඩ භාවිතා කිරිම අනිවාර්ය කිරිමේ තිරණය කිසිසේත් වෙනස් නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.මෙම තිරණය මිට වසර කිපයකට පෙර ගත් එකකි.එ අනුව මෙ සදහා වසරක කාලයක් ද ලබා දෙන ලදි.මෙ පිලිබදව ගොවි සංවිධාන සහ සමිති දැනුවත් කිරිම්ද සිදුවිය.එහිදි ඉදිරිපත් වු ගැටලුවකට අනුව කූඩ මිලදි ගැනිමට සහනයක්ද රජය ලබා දුන් බවද ඇමතිවරයා පැවසිය.ගොනි මගින් එලවළු හා පලතුරු ප්‍රවාහනය කිරිමේදි සිදුවන සියයට 40 ක පාඩුව ව්‍යාපාරිකයින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගනි-JNW
එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරිම ලබන 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය කෙරේ.එම නිතිය ක්‍රියාත්මක නොකරන්නන් වැටලිම ස්ථාන 17 කදි සිදු කරන බව ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.දැනටමත් ප්ලාස්ටික් ඇසුරුම් ලක්ෂ 3 1/2 බෙදා හැර තිබේ.තවත් ලක්ෂ 4 බෙදා හැරිමට සුදානම් කර ඇත.වසරකට එළවලු ප්‍රවාහනයේ දි සිදු වෙන අපතේ යැම් නිසා රුපියල් බිලියන 2 මුදලක් රටට අහිමිවෙන බවද ඇමතිවරයා පැවසිය-JNW
දැනට ජංගම දූරකතන හා ජංගම දූරකතන උපාංග අලෙවි කරනු ලබන සියලු ම අලෙවිසල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යය කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
රට තුළ ජංගම දුරකතන භාවිත කරනු ලබන ග්‍රාහකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සඳහා යොමු කර ඇති ජංගම දූරකතන හා ජංගම දූරකතන උපාංග අලෙවිසල්වලට අදාළ ලියාපදිංචි කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, එම අදාළ බලපත්‍ර කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට ද කොමිෂන් සභාව මඟින් කටයුතු යොදා ඇති බව එහිදී අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා තවදුරටත් පැවසීය.
ඉදිරියේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියකින් තොර ව කිසිදු ජංගම දූරකතන හා ජංගම දූරකතන උපාංග අලෙවිසලක් පවත්වාගෙන යාමට නොහැකි වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසුවේ, මීට එරෙහි ව කටුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහි ව ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. (info)-JNW
මෙරට සුඛෝපබෝගි හෝටල් සහ මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ඇමෙරිකාවේ ෂෙරටන් සමුහය ඉදිරිපත් වෙයි.සිදුකරන ආයෝජනය ඇමේරිකානු ඩෝලර් දසලක්ෂ 300 කි.එ අනුව යුධ හමුදා මුලස්ථානය ආසන්නයේ අක්කර 5ක භුමි භාගයක් අ වුරුදු 99 ක බදු පදනම මත ඇමෙරිකානු ඩෝලර් දසලක්ෂ 73.5ක රජයේ තක්සේරු වටිනාකම මත එම ව්‍යාපෘතිය සදහා ලබා දිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළවු බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි-JNW
ලබන වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අලුතින් යානා 5ක් එක් කරන බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. ශ්‍රී ලංකන් ගුවන් සේවාව සතු පවතින පැරණි ගුවන් සේවා සියල්ලද නවී කරණය කෙරේ. ඒ සදහා රජය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන් කර තිබේ. එම ගුවන් සේවාවේ යානා ඇනිය 30 දක්වා වැඩි කිරීම ඉලක්කයයි. චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය හා නේපාලයේ නව ගමනාන්තරයට යෑමට සහ දැනට සිදු කරන ගුවන් වාර ගණන වැඩි කිරීමටද ක්‍රියා කෙරේ. ඒ අනුව දැනට චීනය වෙත සතියකට සිදු කෙරෙන ගමන් වාර 4 8 දක්වා වැඩි කිරීමට නියමිත බව ඇමති ප්‍රියංකර මහතා කියයි. – JNW
සිංගර් සමාගම ජාත්‍යාන්තර මට්ටමේ වෙළද ප්‍රදර්ශනයක් සහ සැණකෙලියක් සංවිධානය කරයි.එය මේ මස 18 වෙනිදා සිට 20 දා තෙක් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දි පැවැත්වේ.සිංගර් සමාගමට වසර 160 පිරිම නිමිත්තේන් මෙය සංවිධානය කර තිබේ.සමාගමේ වෙළඳ අධ්‍යාක්ෂ කුමාර සමරසිංහා මහතා පවසන්නේ සිංගර් සමාගමේ සියලු නිෂ්පාදන එකම වහලක් යටදි ප්‍රදර්ශනය කිරිමද මෙහිදි සිදු කරන බවයි.ලොව සුපතල වෙළද නාම 30 ක් යටතේ භාණ්ඩ 700ක් ප්‍රදර්ශනයට ඇතුලත් බව ද ඔහු කියයි.මෙම ප්‍රදර්ශනයේදි එය නැරඹ්මට පැමිනේන ජනතාවට භාණ්ඩ මිලදි ගැනිමේ අවස්ථාවද පවති.ප්‍රදර්ශනය පෙරවරු 10 සිට රාත්‍රි 8 දක්වා පැවැත්වේ-JNW
දේශිය ව්‍යාපාරිකයින් ආනයනය කරන ලද කාර් රථ 1000 රැගත් නැවක් කොළඹ වරායට පැමිණේ.එය අයවැයට ප්‍රථමයෙන් නිදහස් කිරිමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය පවසයි.මේ සතිය ඇතුලත කාර් රථ රැගෙන පැමිනි 4 නෞකාව මෙයයි-JNW
ඌණ කාර්යසාධක ව්‍යාපාර හා ඌණ උපයෝගිතා වත්කම් පුනරුදය පනත් කෙටුම්පත වැඩි ඡන්ද 76 කින් ඊයේ පාර්ලිමේන්තුවේදි සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 122 ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 46ක් පමනි.එක්සත් ජාතික පක්ෂය,දෙමල ජාතික සංධානය සහ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය විපක්ෂව ඡන්දය භාවිතා කලේය.විවාදය සදහා එය ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාය.මෙම කෙටුම්පත දෝෂ නිවරදි කර සකස් කිරිමේ වගන්තියට යටත්ව මෙම පනත් කෙටුම්පත හෝ එහි වගන්ති කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනිම් දි ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව පාර්ලිමේන්තුවට පෙරේදා දැනුම් දුන්නේය-JNW
විදුලි සංදේශ සේවා ආයතන මඟින් ග්‍රාහකයන් සඳහා ලබාදෙන අන්තර්ජාල පහසුකම්වල නිරවද්‍ය වේගය පරික්ෂා කිරීමට හැකි වන ලෙස සිය සේවාවන් විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව මඟින් වැඩිදියුණු කර ඇත .
ලෝකයේ ප්‍රථම වතාවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවක් මඟින් විවිධ විදුලි සංදේශ සේවා සපයන ආයතන මඟින් ග්‍රාහකයින් වෙත ලබාදෙන අන්තර්ජාල වේගයන් මැන බැලිය හැකි පහසුකම් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බ්‍රෝඩ්බෑන්ඩ් පද්ධතිය හඳුන්වා දෙන ප්‍රථම නියාමකයා වනු ඇත. ලෝකයේ සෙසු රටවල නියාමකයන් විසින් දේශීය කොටස් සඳහා පමණක් මෙම අධිවේගී පරීක්ෂණ පහසුකම් සපයනු ලබන අතර, එසේ නමුත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැඩිදියුණු කරන ලද මෙම පද්ධතිය ග්‍රාහකයා සහ ලොව සෙසු රටවල සර්වර් (Servers) අතර වේගය මැනීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම වේගය පරික්ෂා කිරීමේ ක්‍රමය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කාර්යය තත්පර සීමාව සහිත සර්වර් (Servers) තෝරා ගෙන ඇත. මෙම සර්වර් (Servers) දෙක දත්ත මධ්‍යස්ථානවල ස්ථානගත කර ඇති අතර, තත්පරයට ගෙගාබයිට්ස් 1ක වේගය සහිත අන්තර්ජාල සඳහා මෙමඟින් සම්බන්ධ විය හැකිය. මෙම පද්ධතිය සෙසු පරීක්ෂණ පහසුකම් මෙන් නො ව විවිධ ප්‍රමාණවල ලිපිගොනු රැසක්භාගත කිරීමේ කාර්යය සඳහා භාවිතා කළ හැකි වේ.
ග්‍රාහකයන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේhttp://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ග්‍රාහකයා සහ අන්තර්ජාලය අතර පවත්නා වේගය පරීක්ෂා කිරීමේ පහසුකම් ලබා ගත හැකි වේ. මෙම පද්ධතිය සේවා ග්‍රාහක යෙදුම් සහිත ක්‍රමයක් පදනම් කර ගනිමින් වැඩිදියුණු කර ගත හැකි අතර, ග්‍රාහකයින්ට ලෝකයේ වෙනස් ස්ථාන දෙකක සිට භාවිතා කිරීමට හැකි පරිදි මෙම පහසුකම් සපයා ඇත.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ග්‍රාහකයින්ට සිය අන්තර්ජාල සම්බන්ධතාව සඳහා භාවිතා කරන වේගය මැනීමේ දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදු වී ඇත. ග්‍රාහකයින්ට දූරකතන ක්‍රියාකාර සමාගම් විසින් ප්‍රසිද්ධ කරනු ලබන පරිදි නිරවද්‍ය වේගයක් සපයන්නේ ද යන්න පරික්ෂා කිරීම සඳහා පහසුකම් මෙතෙක් නොමැත. ඒ අනුව මෙම ඇති කරන ලද වේගය පරික්ෂා කිරීමේ පහසුකම් මඟින් මෙතෙක් පැවති ප්‍රශ්නයට නිසි පිළියම් යෙදෙන අතර, ග්‍රාහකයින්ට බ්‍රෝඩ්බෑන්ඩ් ක්‍රියාකාර සමාගම් මඟින් සපයන සේවාව පිළිබඳ ව තක්සේරු කිරීමට සහයක් මෙමඟින් සැලසෙනු ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. – JNW (info)
ශ්‍රි ලංකා මහා බැංකුව රුපියල් දශ ලක්ෂ 12000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි .භාණ්ඩාගාර බිල්පත් රු.දශ ලක්ෂ 4,000 ක් දින 91ක් ද,රු.දශ ලක්ෂ 4,000 ක් දින 182ක් ද සහ රු.දශ ලක්ෂ 4,000 ක් දින 364ක් ද වශයෙන් මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබේ. මේවා 2011 නොවැම්බර් මස 02 වැනි දින වෙන්දේසි කරනු ලැබේ. ගෙවීම් සහ නිකුත් කිරීමේ දිනය වන්නේ 2011 නොවැම්බර් මස 04 වනදා බව ශ්‍රි ලංකා මහා බැංකුව පවසයි-JNW
අධිවේගි බෝට්ටු 80ක් මිළදි ගැනිමට ඉන්දියාව මෙරට සෝලාස් මැරින් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කරයි.එහි වටිනාකම ඉන්දිය රුපියල් 300කි.ඉදිරි වසර 3 දි එය ඉන්දිය නාවික හමුදාවට භාරදිමට නියමිතයි.ලෝක මට්ටමින් ටෙන්ඩර් කැදවිමකට අනුව එය ශ්‍රි ලංකාවට ලැබි ඇත.මින් වැඩි සංඛ්‍යාවක් මුම්බායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සදහා යෙදවිමට නියමිත බව ඉන්දිය වාර්තා පෙන්වා දෙයි-JNW
ඉදිරි මාස පහ තුලදි මෙරට ජාතික ගුවන් සේවයට අලුත් ගුවන් යානා 5 එක් කරන බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.එ 320 වර්ගයේ යානා තුනක් සහ දිගු ගමන් සදහා යොදා ගන්නා බඳ පුළුල් යානා දෙකක් එ අතර වෙයි.ඉන් එ 320 වර්ගයේ යානා 2 මෙවසර අවසානයේ මෙරටට ලැබිමට නියමිතයි.සෙසු යානා ලබන වසරේ මර්තු මාසයේදි ජාතික ගුවන් සේවයට එක් කිරිමට නියමිතයි.ඉදිරි වසර 4 තුලදි මෙරට ගුවන් යානා සංඛ්‍යාව 30 දක්වා වැඩි කිරිමේ රජයේ සැලැමට අනුව ක්‍රමානුකුලව යනා සංඛ්‍යාව වැඩිකිරිමට ක්‍රියා කර ඇතැයි ඇමතිවරයා පැවසිය-JNW
වර්ෂ 2017 B දී කල් පිරෙන රුපියල් මිලියන1,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වාර්ෂික පොලී අනුපාතය සියයට 5.80 යටතේ ද වර්ෂ 2019 A දී කල් පිරෙන රුපියල් මිලියන 1,000ක භාණ්ඩාගාර බැඳුම්කර වාර්ෂික පොලී අනුපාතය සියයට 8.50 යටතේ සහා වර්ෂ 2023 Aදී කල් පිරෙන රුපියල් මිලියන 1,000 කභාණ්ඩාගාර බැඳුම්කර වාර්ෂික පොලී අනුපාතය සියයට 7.00 යටතේ ද 2011ඔක්තෝම්බර් මස 13 වැනි දින වෙන්දේසියකින් නිකුත් කරන බව ශ්‍රි ලංකා මහා බැංකුව පවසයි.එය පියවීමේ දිනය වන්නේ 2011 ඔක්තෝම්බර්මස 17 වැනිදායි-JNW