Posted Public Articles Archive

මඩු වන්දනාවට විශේෂ ප්‍රවාහන සේවා

මඩු වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් ලබන 06 වනදා සිට 15 වනදා දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධ ව මෙම විශේෂ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන බව අද (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී විශේෂ දුම්රිය තුනක් ධාවනය කිරීමට නියමිත අතර ඉන් දුම්රිය දෙකක් කොළඹ කොටුවේ සිට මැදවච්චිය දක්වා ධාවනය කෙරේ. කළුතර සිට මැදවච්චිය දක්වා ධාවනය වන දුම්රිය අලුත්ගම සිට මැදවච්චිය දක්වා ධාවනය කෙරෙනු ඇත.

එසේ ම මාතර සිට මැදවච්චිය දක්වා ධාවනය වන දුම්රිය සඳහා අමතර මැදිරි දෙකක් එක් කිරීමට පියවර ගැනේ.

මේ අනුව මැදවච්චිය දක්වා දුම්රියෙන් යන මගීන් වෙනුවෙන් එතැන් සිට මඩු කඳවුර දක්වා බස් රථ 50ක් ධාවනයට එක්කෙරේ.

මන්නාරම හා තලෙයි මන්නාරම සිට මඩු දක්වා ද බස් රථ 15ක් ධාවනයට එක්කෙරෙන අතර උතු‍රේ වැසියන් වෙනුවෙන් ද බස් ගමන් වාර 30ක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මීගමුව, වෙන්නප්පුව, හලාවත, ජාඇල වැනි ප්‍රදේශවල සිට මඩු දක්වා බස් රථ 30ක් ද ධාවනයට එක්කෙරේ.

මෙවර මඩු දේවස්ථාන භූමිය තුළ දුම්රිය හා බස් රථ වෙනුවෙන් ටිකට් ලබාගැනීම පිණිස  ප්‍රවේශපත්‍ර කවුළුවකුත් ස්ථාපිත කිරීම ද විශේෂත්වයකි.

මීට අමතරව බැතිමතුන් කණ්ඩායම් වෙනුවෙන් දුම්රිය හා බස් රථ වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සලසා ඇත.

මෙවර මඩු වන්දනාව වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 12ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මගී ජනතාවගේ අවශ්‍යතාව පරිදි තවදුරටත් බස් රථ හා දුම්රිය වැඩිකිරීම කෙරෙහි ද අවධානය යොමුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. – JNW

August 4, 2011 at 9:18 am

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 21 වන ඉරිදා

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 21 වන (ඉරිදා) පැවැත්වීමට කටයුතු යොදා ඇත. පහ ශ්‍රේණියේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරා ගැනීමේ (ශිෂ්‍යත්ව) විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 321,427ක් පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසීය. – JNW

August 3, 2011 at 10:44 am

Rock guitarist’s Ferrari sold at auction

A yellow Ferrari previously owned by British rock guitarist Eric Clapton and radio presenter Chris Evans has fetched £66,500 at auction.

The rare 2003 Ferrari 575 Maranello, which has 10,000 miles on the clock, was snapped up by a private buyer at a sale in Silverstone on Saturday.

Auction manager Guy Loveridge said the vehicle exceeded its guide price.

The yellow Maranello was bought new by Mr Clapton, who signed its service book, and was later sold to Mr Evans.

Mr Loveridge said the Ferrari – which was described by Silverstone Auctions as a desirable car in its own right – was in lovely condition.

“Famous name provenance is always a help,” he said.

“It’s a great car and we are not surprised that it fetched such a large amount of money.”

The car had been expected to go for between £58,000 and £66,000 at the Classic Sale at Silverstone, Northamptonshire – the home of the British Grand Prix.

(BBC)

July 25, 2011 at 9:00 am

ශ්‍රවණය කළ හැකි මෙන්ම ආහාරය සඳහා ද ගතහැකි ලොව ප්‍රථම සංගීත තැටියක්

ශ්‍රවණය කළ හැකි මෙන්ම ආහාරය සඳහා ද ගතහැකි ලොව ප්‍රථම සංගීත තැටිය ලෙස සැලකිය හැකි අපූරු ගී තැටියක් ස්කොට්ලන්ත සංගීත කණ්ඩායමක් නිකුත් කරයි. චොක්ලට්වලින් නිර්මාණය කර ඇති මෙම ගී තටිය ඉතා මිහිරි චොක්ලට් රසයක් මෙන්ම ගීත රසයක්ද ගෙනදෙන බව නිර්මාණකරුවෝ පවසති. මෙම චොක්ලට් ගී තැටිය ඔනෑම තැටි ධාවකයක් තුළ ක්‍රියාකරවිය හැකිවීම ද විශේෂත්වයකි.  – JNW

July 21, 2011 at 11:56 am

ගූගල් වෙබ් අඩවිය, ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අභියෝග කරමින් නව සමාජ වෙබ් අඩවියක් ආරම්භ කරයි

අන්තර්ජාලයේ දැවැන්ත පිරික්සුම් වෙබ් අඩවියක් වන ගූගල් වෙබ් අඩවිය, ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අභියෝග කරමින් නව සමාජ වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ. ගූගල් ප්ලස් ලෙස එය නම් කර තිබේ. ගූගල් ප්ලස් නම් නව වෙබ් අඩවිය, ෆේස් බුක් වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස වෙළද විචාරකයෝ පවසති. කෙසේ වුවද මෙම නව වෙබ් අඩවියට වීඩියෝ චැට් පහසුකමද එක්කර තිබීම විශේෂයකි. මීට පෙර අවස්ථා කිහිපයකදීම ගූගල් වෙබ් අඩවිය ෆේස් බුක් වෙබ් අඩවියට විවිධ අන්දමින් අභියෝග එල්ල කර තිබේ. මේ අතර මාසයක් තුල දී අමුත්තන් බිලියනයක පිවිසීම සටහන් කරගනිමින් ගූගල් වෙබ් අඩවිය වාර්ථාවක් තබයි. එක් මසක් තුල වෙබ් අඩවියක් වෙත වාථාවූ වැඩිම අමුත්තන් පිවිසීම මෙය බව වාර්ථාවේ. පසු ගිය මැයි මාසයේ දී මැවැනි පිරිසක් වෙබ් අඩවිය වෙත පිවිස ඇත. වැඩිම පිරිසක් වෙබ් අඩවිය වෙත පිවිස ඇත්තේ ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වන අතර එය 14% ක් සහ 13 කි. – JNW

July 21, 2011 at 11:52 am

Scientists find ‘better way’ to grow adult stem cells.

A new plastic surface which overcomes the difficulties associated with growing adult stem cells has been developed, according to scientists. Standard surfaces have proved limited for growing large amounts and retaining the stem cells’ useful characteristics. It is hoped the discovery could lead to the creation of stem cell therapies for re-growing bone and tissue, and also for conditions such as arthritis

July 18, 2011 at 9:54 pm

ඉන්දියාවේ මුම්බායි නගරයේ බෝම්බ පිපිරීම් 3 ක්

ඉන්දියාවේ මුම්බායි නගරයේ බෝම්බ පිපිරීම් 3 ක්  වාර්ථාවේ. ජනාකීර්න ප්‍රදේශ වල මෙම පිපිරීම් සිදුව ඇත.ඉන් පුද්ගලයො 10 මිය ගොස් තවත් 60 තුවාල ලබා අතෑයි වර්තා වේ.මේය ත්‍රස්තවාදි ප්‍රහාරයක් බවට තොරතුරු ලෑබ් අතෑයි ඉන්දිය රජය පවසයි JNW

July 13, 2011 at 10:41 pm

It’s Neptune’s birthday

Neptune is about to celebrate its first birthday. Today(12) it will be exactly one Neptunian year – or 164.79 Earth years – since its discovery on 24 September 1846. But why do we still know so little about the distant planet?

About 4.4 billion kilometres away from Earth lies Neptune, the first planet in the solar system to be discovered deliberately.

After the classification of the planet Uranus in the 1780s, astronomers had been perplexed by its strange orbit. Scientists came to the conclusion that either Isaac Newton’s laws were fundamentally flawed or that something else – another planet – was pulling Uranus from its expected orbit.

And so the search for the eighth planet began.

“It was such an incredible mathematical business, it makes searching for a needle in a haystack look like a 10-minute job for a child,” says Dr Alan Chapman, author of the Victorian Amateur Astronomer.

(BBC)

July 12, 2011 at 8:03 am

ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවන කාන්තාවන්ගේ වයස් සීමාව ඉහලට

ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවන කාන්තාවන්ගේ වයස් සීමාව ඉදිරි වසර 3 ඇතුලතදී අවුරුදු 30 දක්වා ඉහල නැංවීමට බලාපොරොත්තුවන බව ඇමති ඩිලාන් පෙරේරා මහතා අද (05)පාර්ලිමේන්තුවේදී පැවසීය. දැනට එම වයස් සීමාව අවුරුදු 21. රජයේ අරමුණ ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ ගත වීම අඩපණ කිරීමක් බව ඇමතිවරයා කීය. මෙරට පුහුණු ශ්‍රමිකයන් සදහා විදේශ වෙළදපොලෙහි වැඩි ඉඩ ප්‍රමාණයක් හිමි කර ගැමීමට පියවර ගන්න බවද ඔහු කියයි. – JNW

July 5, 2011 at 4:45 pm

අයි. එම්. එෆ්. හිටපු ප්‍රධානියා නිවාස අඩස්සියෙන් නිදහස්

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ස්ට්‍රාවුස් ඛාන් නිවාස අඩස්සියෙන් නිදහස් කෙරේ. හෝටල් සේවිකාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට පොලිස් අත් අඩංගුවට ගත් ඔහු අධිකරණ නියෝග මත නිවාස අඩස්සියේ රදවා තැබිණි. නමුත් ඔහුට චෝදනා ඉදිරිපත් කරන කාන්තාවගේ සාක්ෂි සම්භන්ධයෙන් අධිකරණය සැකපහල කිරීම හේතුවෙන් ඛාන් නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. නමුත් ඔහුට එරෙහි චෝදනාව අධිකරණ්ය විභාග කෙරේ. නිවාස අඩස්සියෙන් නිදහස් කළද ඔහුට ඇමරිකාවෙන් පිටත යෑම තහනම්ය. 
ස්ට්‍රාවුස් ඛාන් 2012 පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින ප්‍රධානම අපේක්ෂකයෙක් ලෙස සැලකේ. – JNW

July 2, 2011 at 9:13 pm

යෝධ ග්‍රාහකයක් පෘතුවිය දෙසට

යෝධ ග්‍රාහකයක් පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව ආචාර්‍ය චන්දන ජයරත්න මහතා පවසයි. ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30 ට මෙරට ජනතාවට දුරේක්ෂ ආධාරයෙන් දැක බලාගත හැක. එම ග්‍රාහකය 2011 එම්. බී. ලෙස නම් කර ඇත. එමගින් පෘතුවියට කිසිදු බලපෑමක් නැත. – JNW

June 27, 2011 at 10:01 pm

Asteroid “2011 MB” to pass the earth tonight

Sri Lanka will be able to see the Asteroid titled as “2011 MB” passing earth at 10.30 tonight(27), Senior Lecturer in Physics at University of Colombo Dr. Chandana Jayarathne said. “However the asteroid could only be seen by telescope. The NASA institute might have a webcast on how the asteroid is passing the earth”, he added.

(JNW)

June 27, 2011 at 7:42 pm

$1.8m for MJ’s Thriller jacket

A leather jacket worn by US singer Michael Jackson in his renowned Thriller video has sold at auction in California for $1.8m (£1.1m). Jackson wore the jacket in the 1983 video, in a scene with a troupe of zombies who rise from their graves and break into a dance routine. It was bought by a Texas commodities trader who said he planned to use it to raise money for children’s charities. The sale was organised by Julien’s Auction in Beverly Hills.

(BBC)

June 27, 2011 at 9:13 am

Breast cancer prostate drug hope

Drugs used to treat prostate cancer in men may also be useful for difficult to treat breast cancers in some women, say researchers. Hormone treatments such as tamoxifen and aromatase inhibitors are ineffective against up to 30% of breast cancers.

The study, in The EMBO Journal, suggests some of these tumours may respond to drugs for male cancers. Cancer Research UK said the findings were a “great surprise”.

Hormones can switch on genes which lead to cells dividing uncontrollably and developing into tumours. In women, breast cancers can be driven by the female sex hormone oestrogen. In men, prostate cancer can be driven by male sex hormones – androgens.

Breakthroughs have been made in treatments for breast cancer by developing drugs which interfere with the oestrogen’s action, halting the tumour’s progress.

However, tumours which are not driven by the hormone have been harder to treat.

June 25, 2011 at 9:55 am

උතුරු මැද වකුගඩු රෝගයට නිශ්චිත හේතුවක් හදුනාගෙන නැ – ඇමති මහින්ද යාපා

උතුරු මැද පලාතේ උද්ගතව ඇති වකුගඩු රෝගයට නිශ්චිත හේතුවක් තවම හදුනාගෙන නැතැයි ඇමති මහින්ද යාපා මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතුව රෝගයට හේතුව හදුනා ගැනීමට පරීක්ෂණ ඇමතිවරයා කියයි. - JNW

June 23, 2011 at 9:31 pm

නූපන් දරුවන් වෙනුවෙන්ද “ෆේස් බුක්” පිටු නිර්මාණය කිරීමේ රැල්ලක්

සිය කුස තුළ පිළිසිද සිටින නූපන් දරුවන් වෙනුවෙන්ද “ෆේස් බුක්” පිටු නිර්මාණය කිරීමේ රැල්ලක් බටහිර රටවල මව්වරුන් අතර ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ඇමරිකාවේ ටෙක්සාස් හී වෙසෙන එලී ග්‍රීන් නම් කාන්තාව සිය දරු ගැබට මාස හතරක් වනවිට සිය නූපන් දරුවා වෙනුවෙන් මරියා ග්‍රීන් නමින් “ෆේස් බුක්” පිටුවක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.  - JNW

මෙහි සිය ගර්භනී අවස්ථාව පිළිබඳ තොරතුරු  කුස තුළ සිටින බිළිදාගේ ස්කෑන් ඡායා රූප ඇතුළු තොරතුරු සිය මිතුරන් සමග බෙදා ගැනීමට ෆේස් බුක් පිටු නිර්මාණය කළ මවුවරු පෙලබී සිටියි.

June 21, 2011 at 8:44 pm

උතුරෙන් දකුණට පරණ යකඩ ගෙනෙ ගිය ලොරි 5 ක් අත් අඩංගුවට

නීති විරෝධී ලෙස උතුරේ සිට දකුණට පරණ යකඩ ප්‍රවාහනය කරමින තිබූ ලොරි 5 ක් අත් අඩංගුවට ගැනේ. එහි සිටි දස දෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. වන්නි මානුෂික මෙහෙයුමේ අවසන් දින කිහිපය තුල කොටි ත්‍රස්තවාදීන් විනාශ කළ වාහන වල ඉතිරි වූ යකඩ කොටස් මෙසේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරේ. වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ. – JNW

June 20, 2011 at 10:34 pm