පුවත් Archive

කටාර් රාජ්‍ය සහ ශී‍්‍ර ලංකාව අතර ගිවිසුම් 09ක්

Emir of Qatar cmb 5

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මැතිතුමා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරු ව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 06කට සහ ගිවිසුම් 03කට අත්සන් තැබිණි.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය අතර ඉහළ පෙළේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම පිළිබඳව වූ අවබෝධතා ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අත්සන් තැබු අතර කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ආචාර්ය Khaled Bin Mohamed Al- Attiyah මහතා අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය අතර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ යන ක්ෂේත‍්‍රයන්ගේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඊට අත්සන් තැබු අතර, කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ආචාර්ය Khaled Bin Mohamed Al- Attiyah මහතා අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ  කටාර් රාජ්‍ය අතර අත්සන් තැබුණු ආර්ථික වාණිජ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තබන ලද්දේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසිනි. කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට ආර්ථික සහ මුදල් අමාත්‍ය Yousef Hussain Kamal මහතා අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය  අතර සංස්කෘතික ක්ෂේත‍්‍රයේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තබන ලද්දේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසිනි. කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Khaled Bin Mohamed Al- Attiyah මහතා ඊට අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය  අතර නෛතික ක්ෂේත‍්‍රයේ සුහදතාව පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තබන ලදී. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊට අත්සන් තැබු අතර කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ආචාර්ය Khaled Bin Mohamed Al- Attiyah මහතා ඊට  අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය අතර සංචාරක ක්ෂේත‍්‍රයේ සුහදතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අත්සන් තැබු අතර කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට ආර්ථික සහ මුදල් අමාත්‍ය Yousef Hussain Kamal මහතා අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකාව සහ කටාර් රාජ්‍ය අතර ගුවන් සේවා පිහිටුවීම පිළිබඳව ද ගිවිසුමකට මෙහිදි අත්සන් තැබිනි. ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඊට අත්සන් තැබු අතර කටාර් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ආචාර්ය Khaled Bin Mohamed Al- Attiyah මහතා   අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය සහ කටාරි ඉඩම් ආයෝජන සමාගම (Qatari Diar Real Estate Investment Company)  අතර ඉඩ කඩම් අංශයේ ආයෝජන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදි අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු මහතා සහ  Qatari Diar Real Estate සමාගමේ විධායක අධ්‍යක්ෂ Mohammed H.H. Al-Hedfa මහතා ඊට අත්සන් තැබූහ.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කටාර් හෝල්ඩිං ආයතනය අතර ආයෝජන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදි අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු මහතා සහ කටාර් හෝල්ඩිං ආයතනයේ සාමාන්‍යාධිකාරි සහ ප‍්‍රධාන විධායක Ahamed Mohamed Alsayed මහතා ඊට අත්සන් තැබූහ. – JNW

කඩවත – කිරුළපන හා කොළඹ – කොට්ටාවට කොන්ක‍්‍රීට් කණු මත නව මහාමාර්ග තුනක්

වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවකට අනූව කඩවත සිට කිරුළපන දක්වා, කොළඹ කොටුව සිට කොට්ටාව දක්වා සහ කොළඹ කොටුව සිට පෑලියගොඩ දක්වා කොන්කී‍්‍රට් කණු මත ගුවන් මහාමාර්ග තුනක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

මෙම මාර්ග ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යනය සහ ආකෘතික දළ සැකැසීම සහ උපදේශක සේවා ප‍්‍රසම්පාදන කොන්ත‍්‍රාත්තුවල ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මාර්ග ව්‍යාපෘති හරහා ප‍්‍රංශයේ Egis Bceom International ආයතනය වෙත පැවරීමට තීරණය විය.

මෙම පළමු මාර්ග 10 වන කිරුළපන සිට කඩවත දක්වා (ආසන්න වශයෙන් කි.මි. 19) – කොළඹ පිටත වටරවුම් මහාමාර්ගය කඩවත දී සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ දී සම්බන්ධ වන පරිදි ඉදි කෙරේ.

කොළඹ කොටුව සිට කොට්ටාව දක්වා (ආසන්න වශයෙන් කි.මි. 21) වන මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මහාමාර්ගය කොට්ටාවේ දී සම්බන්ධ වන පරිදි ඉදිකරන අතර

කොළඹ කොටුව සිට පෑලියගොඩ දක්වා මාර්ගය කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවට (ආසන්න වශයෙන් කි.මි. 5) සම්බන්ධ වේ.

මෙම ව්‍යාපෘතීන්හි උපදේශන සේවා සඳහා දේශීය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨවල සේවාවන් ද ලබා ගැනීමට වැඩි දුරටත් තීරණය කරන ලදී. – JNW

ශී‍්‍ර ලංකාවට පැමිණෙන වසර 12 න් පහළ ළමුන්ගෙන් වීසා ගාස්තු අය නොකෙරේ

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවකට අනූව ශ‍්‍රී ලංකාව හරහා විදේශිකයින් ගමන් කිරීමේදී පැය 48ක transit visa ලබා ගන්නන් සහ වයස අවුරුදු 12ට අඩු විදේශීය දරුවන්ගෙන් අන්තර්ජාලය හරහා වීසා ලබා ගැනීමේ දී ගාස්තු අය නොකිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.

ඒ අනුව විද්‍යුත් සංචරණ අනුමැතිය සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාගැනීමට අයදුම් කරන අවස්ථාවේ දී මේ අයගෙන් ඒ සඳහා වන කි‍්‍රයාවලි ගාස්තු අයකරගනු නොලැබේ.

මෙම ක‍්‍රියාවලි අනුව දින 3 සිට දින 7 දක්වා කාලයකට ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් 25ක් අය කිරීම සිදුකෙරේ. – JNW

ශ්‍රී ලංකාව ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් කිරීමේ කටයුතු ආරම්භ කළා

Priyankara Jayarathna 2 copy copyශ්‍රී කාව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා දැනටමත් අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.

මේ වන විට වෙනත් සමාගමක් සතු ව පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය 100%කින් ම ශ්‍රී ලංකා රජයට පවරාගෙන ඇත. මේ හේතුව මත සමාගම සතු සියලු ම අලාභ තත්ත්වයන් සමනය කර ලාබ ලබන සමාගමක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 25ක් ඇති අතර, සමාගම සතු ගුවන් යානා ප්‍රමාණය වැඩි කර තම සේවාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම නවතම ගුවන් ගමනාන්තයක් ලෙසින් ඔස්ට්‍රේලියාව බලා ඍජු ගුවන් ගමනාන්තයක් ද  දකුණු කොරියා බලා ගමනාන්තයක් ද එමෙන් ම මැදපෙරදිග සඳහා ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ද දැනට සෞදි අරාබිය සඳහා යන ගමන් වාර ගණන ලබන අප්‍රේල් මස සිට වාර පහ දක්වා වැඩිකිරීමට ද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මිහින් ලංකා ගුවන් සේවය ජාතික ගුවන් ගමන් සේවයක් ලෙස ආරම්භ කර ඇති අතර, අද වන විට එය බජට් ගුවන් සේවයක් ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.

මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ දෙවන අදියර ආරම්භ කර ඇති අතර, මෙහි 2016 දී වැඩ නිම කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම දෙවන අදියර සංවර්ධන ක්‍රියාදාමය තුළින් මෙහි මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මිලියන 6කට  සරිලන පරිදි නවීනතම පහසුකම්වලින් සමන්විත නව පර්යන්තයක් ඉදි කෙරේ. ඒ සමඟ ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසරකට මඟී මිලියන 12ක් හැසිරවිය හැකි ධාරිතාවකට පත්වනු ඇති බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.

අපේ ගමකින් ගුවන් නියමුවකු බිහි කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ගුවන් සේවා අධිකාරිය මඟින් උසස් පෙළ පවතින පාසල්වල සිසුන් අරඹයා ක්‍රියාත්මක කෙරෙන සිවිල් ගුවන් සේවා සමාජ වැඩසටහන මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙම ක්‍ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගුවන් සේවා නියමුවන් බිහිකිරීම අරමුණු කර ගත් උපාධි පාඨමාලාවන් ද විශ්වවිද්‍යාලවල ආරම්භ කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

මේ වන විට ගුවන් සේවාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති ඉහළින් ම ක්‍රියාත්මක කෙරෙන  රටවල් අතරින් 4වන ස්ථානයට ශ්‍රී ලංකාව පත් ව ඇති බව ද එය ශ්‍රී ලංකා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ලැබූ ඉහළ ම ජයග්‍රහණයක් වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. – JNW

ලංකා ඛනිජ තෙල් සංස්ථාව,ජලාපවහාන මණ්ඩලය හා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 18 කින් වැඩි කෙරේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාව,ජලාපවහාන මණ්ඩලය හා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 18 කින් වැඩි කෙරේ.මෙය ඔවුන්ගේ මුලික වැටුපට එකතු කරන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.ඊට අමතර එම සේවකයන්ට රුපියල් 2500ක දිමනාවක් ද ලබා දෙනු ලැබේ.මෙම ආයතනවල සේවකයින්ගේ වැටුප් වැඩි කිරිම පිළිබදව සොයා බැලිමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම වැඩි කිරිම සිදු කිරිමට රජය තිරණය කර ඇතැයි ඇමතිවරයා පවසයි-JNW

රට තුල එල්. ටී. ටී. ඊ. ය නැවත ක්‍රියාත්මක වීම වැලක්වීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු උපරිම ක්‍රියා මාර්ග රජය ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

රට තුල එල්. ටී. ටී. ඊ. ය නැවත ක්‍රියාත්මක වීම වැලක්වීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු උපරිම ක්‍රියා මාර්ග රජය ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජාත්‍යාන්තර වශයෙන් ගෙන යන සංවිධානාත්මක හා සූක්ෂම වැඩ පිලිවෙල නැවත් වරක් රට තුල අනාගතයේදී ත්‍රස්තවාදය ඉස්මතු වීමේ අවධානමක් ඇති කරයි. එය රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බව ආරක්ෂක ලේකම්වරයා කියයි.

 සන්නද්ධමය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කළද ජාත්‍යාන්තර වශයෙන් විවිධ කණ්ඩායම් එල්. ටී.ටී. ඊ. ය ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කරයි. ජාත්‍යාන්තර වශයෙන් බලපෑම් කිරීමේ හැකියාක් රජයට නොමැත. එහෙත් රට තුල ඇතිවිය හකි ඕනෑම තත්වයක් පාලනය කිරීමේ හැකියාව ආරක්ෂක අංශ සතුවේ. එබැවින් රටේ ආරක්ෂක හමුදාව ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වන බව ලේකම්වරයා කියයි.

රටේ ඕනෑම තැනක ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමේ අයිතිය ස්වාධීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සතුවේ. ඊට බලපෑම් කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැත. රටේ ආරක්ෂාව, ස්වාධීනත්වය හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම හමුදාව සතු වගකීමකි. එවැනි තත්වයක් තුල රටේ හමුදාකරනයක් පිළිබදව සිදු කරන චෝදනාව පිළිගත නොහැකි බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලේක් හවුස් ආයතනය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය සංවිධානය කර තිබූ “ජාතික ආරක්ෂාවට අනාගතයේ ඇති විය හැකි අභියෝග” මයෙන් අද පස්වරුවේ පදනම් ආයතනේ පැවති දේශනයකදී ආරක්ෂක ලේකම් වරයා මේ බව පැවසීය. – JNW

යුධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ කුසලතා වර්ධනය කර ගැනිමට විදේශ රටවල පුහුණු හා ක්‍රිඩා කිරිමේ අවස්ථා සලසාදිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි හමුදාපති ලුතිතන් ජනරාල් ජගත් ජයසුරිය මහතා පවසයි

යුධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ කුසලතා වර්ධනය කර ගැනිමට විදේශ රටවල පුහුණු හා ක්‍රිඩා කිරිමේ අවස්ථා සලසාදිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි හමුදාපති ලුතිතන් ජනරාල් ජගත් ජයසුරිය මහතා පවසයි.ශ්‍රි ලංකා හමුදාව හා කලාපයේ රටවල හමුදා අතර පවතින ද්විපාර්ශවිය සම්බන්ධතා මේ සදහා උපයෝගිකර ගැනේ.එ අනුව යුධ හමුදා පාපන්දු කණ්ඩායම ලබන මාර්තු මාසයේදි ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතයි.මෙමගින් ඔවුන්ට අන්තර්ජාතික මට්ටමේ අත්දැකිම් හා පුහුණුවක් ලබාගැනිමේ අවස්ථාව උදා වෙයි.කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ ඊයේ පැවැති යුධ හමුදා 2011 වර්ණ ප්‍රදානය කිරිමේ උත්සවයේදි ඔහු මේ බව පැවසිය.  යුධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවල ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 407 ක් මෙහිදි වර්ණ ලැබුහ-JNW

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්මාරකයකට හානි හා අලාභහානි සිදුවිමේ සිද්ධිය පිළිබදව පොළිස් කණ්ඩායම් 3 යොදා පරික්ෂණ පවත්වන බව පොළිස් මධ්‍ය ප්‍රකාශක පවසයි

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්මාරකයකට හානි හා අලාභහානි සිදුවිමේ සිද්ධිය පිළිබදව පොළිස් කණ්ඩායම් 3 යොදා පරික්ෂණ පවත්වන බව පොළිස් මධ්‍ය ප්‍රකාශක පොළිස් අධිකාරි අජිත් රොහන මහතා පවසයි.මේ අතර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ මෙය ආරක්ෂක අංශ සිදු කල බවයි-JNW

2011 යුධ හමුදා වර්ණ ප්‍රදානය අද

2011 යුධ හමුදා වර්ණ ප්‍රදානය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි අද පස්වරුවේදි පැවැත්වේ.එහිදි හමුදාවේ විවිධ ක්‍රිඩා ඉසව්වල දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 139 කට මෙහිදි වර්ණ ප්‍රධානය කෙරෙති.ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගිවිමට නියමියි-JNW

දෙසැම්බර් මාසයේදි ළමා අපයෝජන සිද්ධින් 77

2011 දෙසැම්බර් මාසයේදි  බරපතල අපරාධ 642  දිවයින පුරා වාර්තාවි ඇතැයි පොළිසිය පවසයි.ඉන් සිද්ධින් 176 ක් පුද්ගල ඝනයේ සහා 466 ක් දේපළ සම්බන්ධ අපරාධ බව පොළිස් අපරාධ තොරතුරු විශ්ලේෂණ මධ්‍යම ඒකකයේ ප්‍රධානි අපරාධ විද්‍යාඥ සි.එස්.කේ.මිල්ලවිතානාරච්චි මහතා පවසයි.මෙම කාලය තුලදි ස්ත්‍රි දුෂණ 86  වාර්තාවි තිබේ.ඉන් 77ක්ම ළමා අපයොජන සිද්ධින් බවද ඔහු කියයි-JNW

නෙළුම් කුළුණේ ඉදිකිරිම් ජනවාරි 20 දා ආරම්භ කරනවා-විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

විනෝද උද්‍යානයක් සහිතව මිටර 350ක උසින් යුත් ටිවී සහ විදුලි සංදේශ බහු කාර්ය සම්ප්‍රේෂණ කුළුණේ ඉදිකිරිම් ජනවාරි 20 දා ආරම්භ කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.කුළුණේ ඉදිකිරිම් ජනවාරි 20 දා ආරම්භ කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.එය ඉදිකිරිම සදහා මුල්ගල් තැබිම එදිනට සිදු කෙරේ.දකුණු ආසියාවේ විශාලතම කිළුණ වෙන මෙය ඩි.ආර්.විජේවර්ධන මාවතේ පිහිටුවේ.එය නෙළුම් කුළුණ ලෙස නම් කර තිබේන අතර එහි රුපවාහිණි සේවා සපයන්නන් 50 කට,විදුලි සංදේශ සේවා සපයන්නන් 10 කට සහා  ගුවන් විදුලි සේවා සපයන්නන් 50 කට පහසුකම් සැපයිමේ හැකියාව පවති.මාස 30 ඇතුලත එහි ඉදිකිරිම් අවසන් කිරිමට  නියමිතයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස , ලේකම් නිශාන්ත රණතුංග

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නැවත වරක් පත්වෙයි.සුමිත් පෙරෙරා අද පෙරවරුවේ ක්‍රිඩා ආයතනයේ පැවති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණයේදි සභාපති ධුරයට තරග කල සුමිත් පෙරෙරා මහතා ඉවත්විම නිසා ධර්මදාස මහතා එම ධුරයට නිතරගයේන් තේරිපත් විය.ශ්‍රි ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට නිශාන්ත රණතුංග මහාතා ද නිතරගයේන් තේරිපත්විය.අසංග සෙනෙවිරත්න හා කේ. මතිවනන් යන මහත්වරු උප සභාපතිවරු ලෙස තේරි පත්විය-JNW

අපරාධ තොරතුරු විශ්ලේෂණ ඒකකයක් පොළිස් මුලස්ථානයේ පිහිටුවේ

ප්‍රථමවරට අපරාධ තොරතුරු විශ්ලේෂණ ඒකකයක් පොළිස් මුලස්ථානයේ පිහිටුවේ.දිවයිනේ සියලුම පොළිස් ස්ථාන වලින් වාර්තාවන අපරාධ තොරතුරු ලබා ගෙන එවා විශ්ලේෂණය කිරිම මෙමගින් සිදු කෙරේ.එම ඒකකය පිහිටුවිම හෙට පොළිස්පතිවරයාගේ ප්‍රධානත්වයේන් සිදු කෙරේ-JNW

එක්සත් ජාතික පක්ෂ නව නායකයා තොරා ගැනිමේ ඡන්ද විමසුම අද පස්වරුවේ සිරිකොත හිදි පැවැත්වේ

එක්සත් ජාතික පක්ෂ නව නායකයා තොරා ගැනිමේ ඡන්ද විමසුම අද පස්වරුවේ සිරිකොතහිදි පැවැත්වේ.රනිල් වික්‍රමසිංහ සහා කරු ජයසුරිය යන මහත්වරුන් ඊට ඉදිරිපත්ව සිටිති.පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජයවික්‍රම පෙරෙරා මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස සහ ජොෂප් මයිකල් පෙරෙරා මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයකු ලෙස නිතරගයේන් තෙරි පත්විය.පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර හා නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක දයා ගමගේ යන මහාත්වරු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට තරග කරයි-JNW

උගත් පාඩම් හා සංහිදියාව පිළිබද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරයි

උගත් පාඩම් හා සංහිදියාව පිළිබද කොමිසමේ අවසන් වාර්තාව  ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද පෙරවරුවේදි පාර්ලිමේන්තු සභාගත කරන ලදි.මෙම වාර්තාව ඉකුත් දා කොමිසමේ නිළධාරින් ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදි.2010 අගෝස්තු මාසයේ දි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කරනු ලැබිනි-JNW

නිති විරෝධිව බ්‍රිතාන්‍යයේන් පිටුවහල් කළ ශ්‍රි ලංකිකයෝ 55 දෙනෙක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව පොළිස් මධ්‍ය ප්‍රකාශක පවසයි

නිති විරෝධිව බ්‍රිතාන්‍යයේ රැදිසිටි ශ්‍රි ලංකිකයෝ 58 දෙනෙක් එරටින් පිටුවහල් කිරිමේන් පසු අද පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව පොළිස් මධ්‍ය ප්‍රකාශක පොළිස් අධිකාරි අජිත් රොහණ මහතා පවසයි.ඔවුන්ගේන් රහස් පොළිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිමට ක්‍රියා කර තිබේ.මේසේ පැමිණි  අය අතර පිරිමි 48 සහ කාන්තාවෝ 7 වෙති-JNW

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල හා ඊට අදාල ඉසෙඩ් ලකුණු නිකුත් කිරිමට තවත් දින කිපයක් ගත වෙනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් පවසයි

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල හා ඊට අදාල ඉසෙඩ් ලකුණු නිකුත් කිරිමට තවත් දින කිපයක් ගත වෙනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.මේ සම්බන්ධයේන් පත්කල විද්වත් මණ්ඩලය විභාග දෙපාර්තුමේන්තුවේන් ඉල්ලා සිටි තොරතුරු සිකුරාදා ලබා දිමට ක්‍රියා කරන බවද ඔහු පවසයි.එ අනුව එදින සිට දින කිපයක් ඇතුලත උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට හැකිවෙනු ඇතැයි ඔහු විස්වාසය පළ කර සිටි.මේ සම්බන්ධයේන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වින.විභාග දෙපාර්තුමෙන්තුවේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරිහු ද විද්වත් මණ්ඩලයේ සමාජිකයෝද ඊට සහභාගි වුහ.නව සහ පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ උසස් පෙළ විභාගය පැවැත්විම නිසා ඉසෙඩ් ලකුණු නිකුත් කිරිමේ දි ගැටලු ඇතිවි තිබේ-JNW